June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අගවිනිසුරු ලඟ මිනීමරුවෙක් !

1 min read

Lanka Underground විසින් පසුගිය 17 වැනිදා සුවිශේෂී වීඩියෝ පට දෙකක් ද සමඟ “අගවිනිසුරුගේ වීඩියෝ පට දෙකක් ලීක් ! අගවිනිසුරුට එරෙහිව අධිකරණයම පෙළ ගැසේ !” යන හිසින් අණාවරණය කරන ලද පුවත හා බැඳුණු තවත් සුවිශේෂි අණාවරණයක් අපි මෙසේ ඉදිරිපත් කරමු.

එම ප්‍රවෘත්තිය සමඟ ඵළ කරන ලද වීඩියෝ පට 2 න් පළමු වැනි වීඩියෝවේ අගවිනිසුරුවරයා දේවගැතිවරයකු මෙන්, තවත් රෝගී විනිසුරුවරයකුගේ හිස මත අත තබා යාඥා කරනු පෙනේ. ඒ අතරම, එම වීඩියෝ පටය තුළ අගවිනිසුරුවරයා අසල සිටින තරුණයකු වැඳගෙන සිටිනු දක්නට ලැබේ. (මේ සමග එම දර්ශනය දක්වා ඇත) මෙම පුද්ගලයා මිනීමැරුම් චෝදනාවකට ලක්ව බන්ධනාගාරගතව සිටි අයකු බව අපගේ ගවේෂණාත්මක මාධ්‍යවේදී කණ්ඩායම විසින් අණාවරණය කර ගෙන ඇත.

මොහු බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකි. නමින් ගයාන් සිරිමාන්න වන අතර, එකල ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාක්ෂිකයෙකි. පසුව ඔහු එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී තිබේ.

මිනීමැරුම් චෝදනාවකට ලක්ව බන්ධනාගාරගතව සිටි මොහු මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධ අයෙකි. එමඟින් ඔහු උපයන ලද මුදල් අර්ජුන ඇලෝසියස් හරහා අරක්කු නිෂ්පාදනයට ද යොදවා ඇතැයි පැවසේ.

ජනප්‍රිය පුවත්  දරුවන්ගේ ඔලු කන පුනරුදේ පෙළ පොත් මෙන්න!

අගවිනිසුරුවරයා සමඟ සමීප සබඳතාවයක් මෙම පුද්ගලයා විසින් පවත්වාගෙන යන්නේ, ඔහු අත දිග හැර වියදම් කරන අයකු බැවිණි. යුක්තිය පසිඳලන අධිකරණයේ ඉහළම පුටුව මත හිඳ සිටින අගවිනිසුරු මෙබඳු කළු සල්ලි උපදවන මිනීමැරුම් චෝදනා සහිත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ඉත්තකු බවට පත්ව තිබීමෙන් පෙනී යන්නේ ජනාධිපති අනුර කුමාරගේ ද ආශිර්වාදය ඇතිව මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතනයට අත් වී ඇති අභාග්‍ය සම්පන්න ඉරණමය.

මේ පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේ දී අණාවරණය කරන්නෙමු.

  • විශේෂ වාර්තාකරුවකු විසිනි –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x