June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අගවිනිසුරු දෙක නොපතයි !

1 min read

ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්ච්‍යකාර ප්‍රීති පද්මන් සූරසේන මීට පෙර දී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම යන වයස තව වසර 2 කින් දීර්ග කර දෙන ලෙසය. එනම්, දැනට පවත්නා අවුරුදු 65 වයස 67 දක්වා දීර්ග කිරීම ය. ජනාධිපතිවරයා මුල දී මෙයට ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබුණ ද පසුව, අධිකරණ ක්ෂේත්‍රයේ ඔහුට සමීප පිරිසකගෙන් ඒ පිළිබඳව ලද ප්‍රතිචාරයත් සමඟ, එම දෙවසරකින් විශ්‍රාම යන වයස දිගු කිරීමේ තීරණය පිළිබඳව නැවත සලකා බලන්නට පටන්ගෙන ඇත.

කෙසේ වෙතත්, අගවිනිසුරුවරයාගේ පවුලේ ආරංචි මාර්ග අනුව මේ වන විට ඔහු ඉන්නේ, එම දෙවසරකින් විශ්‍රාම යන වයස දීර්ග කළ ද එය බාර නොගැනීමේ මානසිකත්වයකිණි. එයට හේතු වී ඇත්තේ ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් හා හිතවතුන් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ පැවැත්ම අවිනිශ්චිත බව ඔහුට ඒත්තු ගන්වා තිබීමය.

වසර 2 කින් විශ්‍රාම යන වයස දිගු කරගෙන තවදුරටත් අගවිනිසුරුධූරයේ කටයුතු කළත්, වත්මන් ආණ්ඩුව ඊට පෙර බිඳ වැටිය හැකි බව අගවිනිසුරුවරයාගේ පවු‍ලේ සමීපතමයන්ගේ මතය වී තිබේ. එවන් තත්වයක් තුළ අගවිනිසුරුධුරයේ සිටියහොත්, අළුතෙන් බලයට පත්වන පාලනය ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනුු ඇති බවත්, එවිට එම දෝෂාභියෝගයට පක්ෂව කරුණු දැක්වීමට දැනටම අගවිනිසුරු විසින් විවිද චෝදනා මත වැඩ තහනම් කර ඇති හෝ සේවයෙන් පහ කර ඇති විනිසුරන් 43 ම පැමිණෙනු ඇති බවත් එම සමීපතමයන් කරුණු ඉදිරිපත් කර තිබේ. එබැවින්, එවැනි අවනවශ්‍ය අවදානමකට මුහුණ නොදී, ගරු කටයුතු ලෙස විශ්‍රාම යාම අගවිනිසුරුවරයාටත්, ඔහුගේ පවුලේ උදවියටත් යහපත උදා කර දෙනු ඇතැයි ඔවුන් අවධාරණය කර ඇත.

ජනප්‍රිය පුවත්  කථානායකගේ කොල්ලටත් නිල නිවසක් !

මෙම මතය පිළිගෙන ඇති අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන තවදුරටත්, විශ්‍රාම යන වයස දෙවසරකින් දිගු කිරීම අපේක්ෂා නොකරන බව එම සමීප හිතවතුන්ට පවසා තිබේ. වත්මන් ආණ්ඩුවේ පැවැත්ම අවිනිශ්චිත බවත්, ඒ නිසා අනවශ්‍ය අවධානමක් ගැනීම තමන්ට හා තම පවුලේ සාමාජිකයන් කෙරෙහි හානිකර බලපෑමක් ඇති කරවීමට හේතුවනු ඇති බවත් ඔහු සිය සමීපතමයන්ට පවසා තිබේ.

ඒ අනුව, මේ වසරේ අග වන විට වත්මන් අගවිනිසුරුවරයා විශ්‍රාම යාම සිදුවනු ඇත. උපතින් බෞද්ධයකු වූ ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරුවරයා මේ වන විට “බෝන් අගේන්” ආගමික නිකායේ දැඩි භක්තිවන්තයෙකි.

  • රජීව් කාරියවසම් –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x