June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

V & A මත්පැන් සමාගම ජනාධිපතිගේ යටතට !

1 min read

V & A distilleries නැමැති මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමක්, ජනාධිපති අනුර කුමාර තම අනියම් ජාවාරම් ලයිස්තුවට එක්කරගෙන ඇති බව අණාවරණය වී තිබේ. එය සිදුව ඇත්තේ පහත සඳහන් ආකාරයට ය.

හර්ශණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස් වී මුදල් අමාත්‍යාංශ ලේකම් තණතුරට පත්කිරීමෙන් පසු, ඇති වූ පුරප්පාඩුවට ජනාධිපති අනුර විසින් පත්කරන ලද්දේ නිශාන්ත ජයවීර ය. නිශාන්ත ජයවීර ද කැලණිය සරසවියේ සිටි, ජනාධිපති අනුර කුමාරගේ මිතුරෙකි. ඔහු පදිංචිව සිටින්නේ ජාඇල නිවුන්ගම ප්‍රදේශයේ ය. ඔහු ඊට පෙර රාජකාරි කර ඇත්තේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ය.

ජනාධිපති අනුර කුමාර සුරාබදු කොමසාරිස් තණතුරට පත් කරන ලද්දේ සුරා බදු දෙපාර්තමේන්තුව තුළ සිටි අයකු නොවේ. ඒ වෙනුවට, ඔහු සුරා බදු කොමසාරිස් තණතුරට පත් කළේ ප්‍රේමරත්න නැමැති නාවික හමුදාවේ රාජකාරි කර තිබූ නාවික හමුදා නිලධාරියෙකි. ඔහුගේ බිරිඳ වන්නේ, ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විශ්ව විද්‍යාලයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ ය. ඇය, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ සිටි සාමාජිකාවකි.

වසන්තා සුභසිංහගේ සැමියා වූ ප්‍රේමරත්න, ජනාධිපතිවරණයේදී අනුර කුමාරගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකාරීව සම්මාදම් වී තිබේ. මෙම දෙදෙනා පදිංචිව සිටින්නේ ගම්පහ යාගොඩ ප්‍රදේශයේය.

ජනප්‍රිය පුවත්  පොලිස්පතිගේ පට්ටම ගැලවේ!

දැනට සති කිහිපයකට කලින් ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීරගේ මව මියගිය ගොස් තිබේ. ඒ අවස්ථාව වන විට V & A මත්පැන් සමාගමේ හිමිකරු වජිර ගුණසේකර, සිට ඇත්තේ චීනයේ ය. වහාම තම චීන සංචාරය අවලංගු කර වජිර ගුණසේකර, ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමතිගේ මවගේ මලගෙදරට පැමිණ තිබේ. ඔහු එම මලගෙදරට පැමිණ ඇත්තේ සුරා බදු කොමසාරිස් ලෙස ජනාධිපති අනුර කුමාර පත්කරන ලද ප්‍රේමරත්න හෙවත්, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ සිටි මහාචාර්ය වසන්තා සුභසිංහගේ සැමියා සමග එක වාහනයකින්ය.

සුරා බදු දෙපාර්තමේන්තුවේ අපගේ විමර්ශකයන්ට අනුව, සුරා බදු කොමසාරිස් හා V & A මත්පැන් නිෂ්පාදන සමාගමේ හිමිකරු වජිර ගුණසේකර සමීප මිත්‍රයෝ වෙති. සූරා බදු කොමසාරිස් ප්‍රේමරත්න බදු ආදායම් පිළිබඳ දැනුමක් නැති අයකු බැවින්, නියෝජ්‍ය ඇමති හා සුරා බදු කොමසාරිස් ප්‍රේමරත්නව තම පාලනයට නතු කරගැනීම මගින් සුරා බදු දෙපාර්තමේන්තුව නටවනු ලබන්නේ වජිර ගුණසේකරය. මෑතකදී “හොණ්ඩා වෙසල්” වර්ගයේ වාහනයක්ද V & A මත්පැන් සමාගම් හිමිකරු වජිර ගුණසේකර විසින් ප්‍රේමරත්න පවුලට තෑග්ගක් ලෙස ලබා දී තිබේ.

ජනප්‍රිය පුවත්  විමල්ව ඇතුළට දාන්න රංග බරටම රඟයි !

නිශාන්ත ජයවීර හා සුරා බදු කොමසාරිස් ප්‍රේමරත්න තම පාලනයට නතු කර ගැනීම මගින් මේ වන විට සුරා බදු දෙපාර්තමේන්තුව හසුරුවනු ලබන්නේ V & A හිමිකරු වජිර ගුණසේකරය. ජනාධිපති අනුරගේ පූර්ණ ආශිර්වාදය ඒ සඳහා හිමිව තිබේ. ජ.වි.පෙ. පූර්ණකාලීන සාමාජිකයන් කටුක ජීවන අත්දැකීම් විඳිද්දී ජනාධිපති අනුර තම ගජ මිතුරන් හරහා V & A මත්පැන් සමාගම තමන්ට පුද්ගලිකව සලකන සමාගමක් බවට පත්කරගෙන ඇත්තේ මේ අන්දමට ය.

  • රුචිර දිසානායක –

වසන්තා සුබසිංහ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x