සර්පයා දුටුවෙහිද ?
1 min read
අනුර කුමාර දිසානායක බලයට එද්දී විපක්ෂයේ ක්‍රියාකාරිකයන් පවා කියපු කතාවක් තිබුණා.
‘අනුර දුර්වලයෙක් තමයි. ඔහුට රටක් කරගන්න බැහැ. නමුත් අඩුම තරමේ ඔහු ටිල්වින් සිල්වා පන්නයේ ඝාතකයෙක්, ම්ලේච්ඡයෙක් හෝ අශිෂ්ඨයෙක් නෙවෙයි. අනුර ප්‍රජාතන්ත්‍රවාදියෙක්’.
මේ කතාව අනුරගේ විරුද්ධවාදීන් පවා විශ්වාස කළා.
නමුත් අනුර කුමාර දිසානායක චරිතය හොඳින්ම දන්නා උදවිය කිව්වේ, ‘අනුර යනු ස්ථිර ගුණාංග සහිත මිනියෙක් නෙවෙයි.
ඔහු අදාල අවස්ථාවට අනුකූලව පාට වෙනස් කරනා කටුස්සෙක්. වෙලාව ආවම අනුරට ටිල්වින්ටත් වඩා නරක සහ අශිෂ්ඨයෙක් වෙන්න පුලුවන්’ කියලා.
ඒ බව දැන් හොඳින්ම ඔප්පු වෙමින් තිබෙනවා.
රටේ යුද වීරයෙක්, හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙක් අනුරගේ අත්සනින් සිරභාරයට ගන්නවා.
මෙලොව යම් හෝ තෙතමනයක් සහිත මිනිසෙකුට සැලකිය නොහැකි ආකාරයෙන්, ඉතාම අමානුෂික වධකයන් සේ මේ මොහොතේ අනුරගේ නිළධාරීන් විසින් සලකමින් සිටිනවා.
මේජර් ජෙනරල් සුරේෂ් සලේට පහර දෙන්නේ, බිමට දාලා කන්න දෙන්නේ, ලිංගික හිංසා කරන්නේ ශානි අබේසේකර සහ ඔහුගේ ගෝලයෙක් වෙච්ච පොලිස් පරීක්ෂක ගුණසේකර.
ඒ ක්‍රියාව 100% ක් සිදුවන්නේ අනුර කුමාරගේ ආශිර්වාදයෙන් සහ ඔහු දැනුවත්ව.
සුරේෂ් සලේ වද බන්ධනයන්ට යටත් කළේ අනුර කුමාරගේ දේශපාලනික අරමුණු මත.
අනුර බලයට ආවේ පාස්කු මහමොලකරුවෙක් විකුණලා.
FBI පරීක්ෂණ, මොසාඩ් පරීක්ෂණ මේ කිසිවකින් හෙළිනොවුනු දේශපාලන ප්‍රතිවාදියෙක් මහමොළකරුවෙක් කරන්න අනුරට අවශ්‍යයි.
පල්ලියට අවශ්‍ය දැන් එය. අනුරට අවශ්‍ය එය. කොටින්ම පාස්කු ප්‍රහාරයට මතවාදී දායකත්වය දුන් පිරිසට පවා අවශ්‍ය එය.
සැබෑ සාධාරණයට වඩා දේශපාලනික වාසි තැනකින් පාස්කු කඩේ වසා දැමීම.
ඒ සඳහා ත්‍රස්තවාදියෙකුගේ ෆ්‍රැබ්‍රිකේටඩ් කතාවකින් මේජර් ජෙනරල් සලේ පටලවලා, ඔහුගේ ජීවිතය අවසන් කරනවා.
එතැනින් පාස්කු පරීක්ෂණය රාජපක්ෂලා පිට දමමින් නිමා කරන්න අනුරට පුළුවන්.
ඩෝබියන් ද ඒ කතාව උස්සගෙන දුවනවා.
අද මනෝරි මහත්මිය, මේජර් ජෙනරල් සලේගේ බිරිඳ නොවෙයි යන අමු පචයක් පවා උස්සාගෙන ගිය ඩෝබිලාට, එවැනි පච සමාජගත කිරීම ඉතාම සරලයි.
හදවතේ යම්කිසි හෝ තෙතමනයක් සහිත මිනිසෙකුට සිය දේශපාලනය උදෙසා, මිනිහෙකුට අපා දුක් දෙන්න බැහැ.
ඔහුගේ ජීවිතය අවසන් කරන්න සැලසුම් කරන්න බැහැ.
ශානි අබේසේකරට දෙන එක් ඇමතුමකින් අනුරට මේ වියරු වද හිංසා නතර කිරීමට තිබුණා.
නමුත් අනුර එසේ කළේ නැහැ. ඔහුගේ පපුවේ තෙතමනයක් නැහැ.
අද කටුස්සා ‘වියරු පාලකයෙක්’ බවට පාට වෙනස් කරලා.
කපිල චන්ද්‍රසේන ස්වාභාවිකව සිය දිවි නසාගත්තාට වඩා, ඔහුට සිය දිවි නසා ගැනීමට සැලැස්සුවා.
එය කළේ ශානි වගේම විෂ සහිත, වධකයෙකු වන රංග දිසානායක.
රංග අධිකරණයට පවා බොරු කියමින් කපිලගේ ඇප කරුවන් ගැන පට්ටපල් බොරුවක් සමාජගත කරමින් ඔහුට පීඩනය එල්ල කළා.
කපිල සියදිවි නසා ගත්තේ ඊටපස්සේ. ඔහුට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.
නමුත් ඒ වක්‍ර ඝාතනයෙන් පසුව පවා අනුරගේ පපුවේ තෙතමනයක් තිබුණේ නැහැ.
නන්දන ගුණතිලකගේ මරණය අභිරහසක්.
මහා භාණ්ඩාගාරයේ රංග නිශාන්තගේ මරණය අභිරහසක්.
වර්තමානයේ අනුර දිසානායකගේ මාලිමා ආණ්ඩුවට මිනිස් ජීවිත සිල්ලරට වැටිලා.
ශානි ලා, ගුණසේකර ලා, දිලීප පීරිස් ලා, රංග දිසානායක ලා වධකයන් සේ කටයුතු කළත්, ඒ සියල්ලටම නායකත්වය දෙන ඔවුන් මෙහෙයවන්නා අනුර කුමාර.
අනුර කුමාර හදවතේ තෙතමනයක් නැති, බලය උදෙසා ඕනෑම ජඩ වැඩක් කළ හැකි නරුමයෙක්.
- Sachin Rathwatte –
