June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

SLBC හි DGගේ කාමරයට කුණු බිත්තර ප්‍රහාරයක් !

1 min read

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සුදත් රත්නවීර මහතාගේ කාර්යාල කාමරයට කිසියම් පුද්ගලයකු කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වේ.

ඊයේ (21) උදෑසන මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එම අවස්ථාවේ සංස්ථාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන සුදත් මහතා අදාළ කාමරය තුළ සිට නොමැත.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු ගුවන්විදුලි සංස්ථාවට මෙම වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කර තිබේ.

ඔහු දැඩි සේවක මර්දනකාරී වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට සේවකයෝ චෝදනා නගති.

එමෙන්ම ඔහුගේ මෙම මර්දනකාරී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සංස්ථා සේවකයන් මානව හිමිකම් කොමිෂන් සභාව හා කම්කරු කාර්යාලය වෙත ද පැමිණිලි කර ඇතැයි පැවසේ.

අදාළ කුණු බිත්තර ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙන අතර ඊට හේතුව හෝ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැතැයි කුරුඳුවත්ත පොලිසිය පැවසීය.

එසේම සුදත් මහතා දැඩි සේවක මර්ධනයක් කරන බව පවසමින් පසුගිය කාලයේ ගුවන් විදුලි සංස්ථාව තුළ පෝස්ටර් ව්‍යාපාරයක්ද දියත් කර තිබිණි.

ජනප්‍රිය පුවත්  මූල්‍ය ස්ථාවරත්වය අවධානමේ! - මහබැංකුව

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x