NPP ආමගෙඩන් බයිබලයේ සඳහන් පරිදි…
1 min read
NPP ආමගෙඩන්
බයිබලයේ සදහන් පරිදි ආමගෙඩන් යනු සියල්ලේ අවසානයයි. මගේ කියවීමට අනුව මේ වැඩ බැරි ආණ්ඩුවත් මේ ගමන් කරන්නේ කෙටි කාලයකින් ආමගෙඩන් බවට පත්වීමටයි. ඇයි මම එහෙම කියන්නේ කියලා ක්ශේත්‍ර කිහිපයක් ආධාරයෙන් පහත පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
ගෑස් අර්බුදය
මේ ආණ්ඩුව මැදපෙරදිග අර්බුදයට කලින්ම රටේ ගෑස් අර්බුදයක් හදා ගත්තා. ලිට්‍රෝ හැරුනු විට රටේ ගෑස් වෙලදාමේ සිටින්නේ ලාෆ්ස් ආයතනයයි. ඇත්තට ලංකාවේ විශාලතම ගෑස් ගබඩා සංකීර්ණය තිබෙන්නේත් ලාෆ්ස් සමාගමටයි. මේ මෝඩ තකතීරු ආණ්ඩුව ආයෝජන මණ්ඩල කොන්දේසියක් පෙන්වමින් පසුගිය අවුරුද්දේ අග ලාෆ්ස් ගබඩා සංකීර්ණයේ ගෑස් දේශීය වෙලදපලට මුදා හැරීම තහනම් කරනවා. ඒ ගොං වැඩෙන් මෙට්‍රික් ටොන් 30000 ක ධාරිතාවක් නවතිනවා. ලාෆ්ස් ගෑස් නැතිවම යනවා. ලිට්‍රෝ සමාගමට ඉල්ලුමට සැපයුම දෙන්න බැරි වෙනවා. මැදපෙරදිග යුද්ධයක් පෙනි පෙනී ලංකාවේ ගෑස් පෝලිම් එනවා. දැන් යුද්ධය නිසා ලෝකයේම ගෑස් හිගයක් ඇවිල්ලා. ඒක නිසා වැඩි කාලයක් නොගිහින් ගෑස් කිලෝවක් නැතිවෙන තත්වයට පත්වෙන්න පුලුවන් මොකද පෙන්න විදියට යුද්ධය දිග්ගැස්සෙන හැඩක් පෙනෙන නිසා.
තෙල් අර්බුදය
ආණ්ඩුවම කියන විදියට අප්‍රේල් මාසය වන විට නැව ආවේ නැත්තනම් සමස්ත තෙල් සංචිත අවසන් වෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය දෙසට යුධ නෞකා යවන්නට පටන් ගත්තේ පසුගිය වසරේ අග සිටය. මොලේ කලදක් තිබුන ආණ්ඩුවක් නම් මේ අර්බුදයට මුහුණ දෙන්න පාවෙන ගබඩා (Floating Storages) ගෙනල්ලා හැකි පමනින් අවම වශයෙන් මාස 06 කට සෑහෙන තෙල් ගබඩා කරගන්නවා. එදා ගෝඨාභය රාජපක්ශ රජය විදුලි අර්බුදයට මුහුණ දෙන්න පාවෙන LNG බලාගාරයක් ගේන්න යෝජනා කරා. ඒ යෝජනාව Cabinet ඇතුලේ හිටපු කුමණ්ත්‍රනකරුවනුත් පිට හිටපු ජෙපි union තක්කඩිනුත් කඩාකප්පල් කරා. එදා ඒක කරා නම් විදුලි අර්බුදයක් හෝ විදුලිය නිපදවන්න තෙල් බාවිතාවෙන් තෙල් අර්බුදයකුත් ඇතිවෙන්නේ නෑ.
මේ ආණ්ඩුවට දැන් තෙල් අලුතෙන් ගන්න ඉතා අසීරුය. ඉන්දියාවේ දැන් විශාල පෝලිම් තියන නිසා සහය බලපොරොත්තු වීම විහිලු සහගතය. රුසියාව ඉන්ධන විකුණන්නේ රූබල් හා යුවාන් භාවිතයෙන් පමණි. ඒ ඔවුන් ඩොලරය හා ගණුදෙනු නොකරන තත්වයක් තුලය. ඒ නිසා ලග එන ඉන්ධන අර්බුදය ආණ්ඩුව කරටියෙන් උස්සා පොලොවේ ගහන තත්වයක් නිර්මාණය කරනු ඇත.
විදේශ විනිමය අර්බුදය
මැදපෙරදිග යුධමය තත්වය තුල ශ්‍රී ලංකාවට විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීමට වෙනවාමය. අද වනවිට සංචාරක පැමිණීම් එසේ නැත්නම් අවලංගු කිරීම් 40% වගේ මට්ටමකට ඇවිත්ය. මාධ්‍යය තුල පෙන්නූ පරිදි ඇල්ල වගේ සංචාරක කලාප තුල ඒක 75% දක්වා ඇවිත්ය. ඒ නිසා මේ වසර තුල සංචාරක ක්ශේත්‍රයේ ඩොලර් ආදායම 50% කින් වත් පහල යනු ඇත.
අපේ රටේ ප්‍රධානම විදේශ විනිමය ගෙනෙන මාර්ගය රට රැකියා කරන රට විරුවන්ගේ ප්‍රේශණ තුලින්ය. අද යුධමය තත්වය නිසා මැදපෙරදිග විශාල අර්බුදයකය. අපේ ප්‍රේශණ වලින් 75%ක් එන්නේ මැදපෙරදිගින්ය. ලංකාවට වැඩිම ප්‍රේශණ ගෙනෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයද විශාල පීඩාවකින් ය. මේ තත්වය හමුවේ අවම වශයෙන් ප්‍රේශණ 25% කින් වත් පහල යනු ඇත.
යුධමය තත්වය නිසා රටේ අපනයනටද විශාල බලපෑමක් ඇතකරනු ඇත. ලංකාවේ ප්‍රදාන තේ ගැනුම්කරුවෙක් වන්නේ ඉරානයයයි. ඒ වගේම රටේ ප්‍රධානම අපනයනයන් වන ඇගලුම් රදා පවතින්නේ ඇමරිකානු හා යුරොපීය වෙලදපල මතය. වැඩිවූ ඉන්ධන මිල හරහා ආර්ථික අවපාතයකට මේ වෙලදපලවල් දෙකම යමින් තිබේ. ඒ නිසා ඇගලුම් අපනයනේ කඩා වැටීමක් බොහොල් විට වනු ඇත.
මේ සියල්ල හරහා විදේශ විනිමය අර්බුදයක් ඉතා නුදුරු කලකදී සිදුවීම අනිවාර්යය.
විදුලි අර්බුදය
අද වන විට නොරොච්චෝලේ බාල ගල් අගුරු මගඩිය නිසා වෙච්ච අලාභය ගැන ඔබ සැම දැනුවත්ය. අද ඒ නිසා මෙගාවොට් 300 න් භාගයකට ආසන්න ප්‍රමාණයක් ජනනය කරන්නේ ඩීසල් හරහාය. විදුලි ඒකකයේ මිල වැඩි වීම මේ හරහා අනිවාර්ය වී තිබේ. විදුලි ක්ශේත්‍රයේ ප්‍රාමාණික උගතෙකු වන විදුර රලපනාව පවසන්නේ ගල් අගුරු ප්‍රමාදය හා බාල තත්වයන් නිසා විදුලි කැපීම් ඉදිරියේදී අනිවර්යයෙන් සිදුවන බවය. ඒ වගේම බාල ගල් අගුරු හරහා ඩීසල් හිග වීමේ අර්බුදයක්ද ඇතිවී තිබේ.
ඉතින් මේවට ආණ්ඩුව මොනවා කරන්නද කියා යමෙක්ට අහන්න පුලුවන්. ආණ්ඩුවකට කරන්න පුලුවන් පෙර සුදානම් වීමය. එහෙම නැතුව මට තෙල් ලිං නෑ කීම නොවේය. තෙල් ගෙනාවත් අද තත්වය අනුව ලීටරයක් රුපියල් 500 ට උඩින් යෑමට සිදුවේ. කලින් ගෙනත් ගබඩා කරන්න පුලුවන් මොලයක් තිබුනා නම් “අපි හෑලිමාවට” සිටිකර් තාමත් ත්‍රීවිල් වල දකින්නට තිබුනා. ඒ කිසිවක වගේ වගකක් අර්බුදය උඩුදුවන තුරු මේ වැඩබරි සෙට් එකට ප්ලෑන් එකක් තිබුනේ නැත.
යමෙක්ට මේ ඡන්දය දුන් 69 ලක්ශය මේකට වග කිවයුතු යැයි හිතන්න හෝ බනින්න පුලුවන්. මම නම් කියන්නේ ඒක අසාදාරණයි කියාය. කෝලිකුට්ටු ගෙඩියේ නැට්ට හදන්න පුලුවන් විශ්ම කර්මයින් ඉන්නවා යැයි කියූ පච වලට මේ රටේ අහිංසක ජනතාව හසුවිය. දැන් ඔවුන්ම තෙල් පෝලිම් වල දුක් විදිමින් සිටී. පෝලිම් ගැහෙන්නේත් මේ වැඩබැරි ආණ්ඩුව තඹ සතේකට රටේ ජනතාව විශ්වාස කරන්නේ නැති නිසාය.
මේ සියල්ලම සලකා බලද්දී මාලිමාවේ ආමගෙඩන් තත්වය ඉතා ආසන්නය. හැබැයි එදා අර්බුදය හමුවේ ජවිපේ හැසිරුනා සේ අද විපක්ශය ඩොලර් එවන්න එපා කියන්නේ නැත.
මේ කරපු වින්නැහියෙන් රට 2028 දෙවන වරටත් බංකොලොත් බාවයට පත්වනු ඇත. ඒ වෙද්දී ආණ්ඩුකරන පක්ශයට තිබෙන විශාලම අභියෝගය එය වනු ඇත.
මේ කරුණු පැහැදිලි කරන විට සෙඩා බ්‍රෝ ට වගේ අපිටත් එන්න කියයිද දන්නේ නැත. කිව්ව්වත් බයත් නැත. සත්‍යය වතුර යට බලෙන් ඔබවා තබන රබර් බෝලයක් වගේ එලියට එනවාමය.
ඉංග්‍රීසි කියමනකින් මේ දීර්ග ලියවිල්ල ඉවර කරනවා.
“You can fool some of the people some of the time. You can’t fool all the people all the time”
“සමහර පුද්ගලයින් සමහර අවස්තාවන්හි මෝඩයන්ට ඇන්දවිය හැක. නමුත් සියලුම පුද්ගලයින් සියලුම අවස්තාවන්හි මෝඩයන් කල නොහැක”
මම,
දමිත වික්‍රමසිංහ
BSc IT (AUS), MBA (UK), HD in IR (BCIS)
ශ්‍රී ලංකාවේ 29 වන තරුණ කටයුතු අධ්‍යක්ශක ජෙනරාල්
