වරප්‍රසාදයක් එපා කීව මිනිස්සු කරපු විවේචන අද ආපහු කැරකිලා..
1 min read
ජනතාව ආන්ඩු මාරු කරන්නේය.
ආන්ඩුව ජනතාවට බලය ගැනීමට පෙර නොයෙක් තර්ක ඉදිරිපත් කරන්නේය.
අපි පාළකයා වුනොත් අපේ මන්ත්‍රීලා ගෙදරින් කෑම එක ඔතාගෙන ඇවිත් ජනතාවට සේවය කරයි යන අදහස ජනතාවට කා වද්දන්නේය.
පාළකයා ලෙස කන බත්පතේ ඉදන් සරළ වන්න හැකි බවට ඉගි පලකරන්නේය.
එහෙත් බළය ගත් පසු
ඔවුන්ට වෙනස්,වෙන්න චක්‍රලේක ගැසට් වෙනස් කරන්නට අමාරුය.
එය තේරුම් ගන්න නම් බලය ලැබිය යුතුමය.
පාර්ලිමේන්තුවෙි මන්ත්‍රීලාට හිමි කැන්ටිමේ ආහාරමිළ ගනන් ඉහළ දැම්මා කියා පාළනය කළ හැකි ආහාර වියදම් ලබ්බක් නැත.
ආන්ඩුවට අත්දකීම් නැති බව පුන පුනා ඔප්පුවෙන අවස්ථා මේවාය.
බලය ගන්න කලිං කීව දේවල් බලය ලැබුන පසු පට්ටම ජෝක් වන්නේ එනිසාය.
පෙර ආන්ඩු කාළයේ පාර්ලිමේන්තුවෙි ආහාර වියදම පෙන්වා කරන ලද සමච්චල් අද ආපහු ජනතාවට නැති කිසි වරප්‍රසාදයක් එපා කීව මිනිස්සු කරපු විවේචන අද ආපහු කැරකැවී ඇත.
එදා පාර්ලිමේන්තුවෙි ආහාර සදහා වියදම් සහ අද වියදම් අතර වෙනසක් නැත
මාළිමා ආන්ඩුවට එක්කෝ එදා පාර්ලිමේන්තුවෙි ආහාර වියදම් ගැන කරපු විවේචන අද සමග ගලපා බැලිය යුතුය.
එදා විපක්ෂයේදී හිටගෙන කරපු විවේචන
අද ඇද සිටින වස්තරය උස්සා මුහුණ වහගන්න තරමට ආන්ඩු බලය සමග ජනතාවට පෙන්වමින් ඉන්නට සිදුවන තැනට දියාරු කරලාය.
- නුවන් මොණරවිළ –
