පෙරහැර සංස්කෘතියට ගහන්න ආණ්ඩුවෙන් නව පනතක් !
1 min read
1907 සත්ව හිංසනය වැලැක්වීමේ ආඥා පනත වෙනුවට නව සත්ව සුබසාධන පනත් කෙටුම්පත පසුගිය 17 දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය හරහා සකස් කරන ලද පනත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පෙරට වඩා දැඩි දඬුවම් හා විශාල දඩ මුදල් පනවා ඇති මෙම නව පනතට අනුව “සංස්කෘතික හෝ ආගමික” කටයුතුවල දී සතුන්ගේ කකුල්වලට තදින් දම්වැල් දැමීම, අධික ලෙස බර පැටවීම සහ අධික ලෙස ඇවිද්දවීම තහනම් කර තිබේ.
එම තහනම සෘජුවම බලපාන්නේ මෙරට බෞද්ධ පෙරහැර සංස්කෘතියට ය. ඇතැම් අවස්ථාවල පෙරහැර සඳහා සහභාගි කරගනු ලබන අලි-ඇතුන්ගේ කකුල්වලට දම්වැල් දැමීම සිදු කෙරේ. “අධික ලෙස ඇවිද්දවීම” ද පෙරහැර සඳහා දුරබැහැර සිට අලි ඇතුන් ගෙන ඒම වලකාලනු ලබන නීතියකි.
දීර්ග කාලයක් පුරා මෙරට රාජ්‍ය නොවන සංවිධානවල සිටින නියෝජිතයින් සත්ව හිංසනයට මුවා වී පෙරහැර සඳහා අලි-ඇතුන් සහභාගි කරවීමට එරෙහිව ක්‍රියා කර තිබේ. මෙම පනත එම කණ්ඩායම්වල උවමනාව ඉටු කරන පනතක් බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීම වී තිබේ.
ආගමික හේතුන් මත සතුන් සමූහවශයෙන් මරා දමා බිලිපූජා පැවැත්වීම ගැන මේ පනත තුළ අවධානය යොමු කර නැත.
මීට අමතරව සුරතල් සතුන් විකුණන ස්ථාන සහ සතුන් බෝ කරන මධ්‍යස්ථාන සඳහා අනිවාර්ය බලපත්‍ර ක්‍රමවේදයක් ද මෙමඟින් හඳුන්වා දීමට නියමිතය. එම කටයුතු කළමනාකරණය සඳහා “සත්ව සුබසාධන නිලධාරින්” යනුවෙන් හඳුන්වනු ලබන නිලධාරි තන්ත්‍රයක් ද මෙමගින් ඇති කෙරේ.
- ප්‍රීති කුමාර වනිගසූරිය
