සූරසේන අධිකරණයට අපහාස කරලා ! – ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ
1 min read
X – Press Pearl නෞකාව ගිනි ගැනීම මගින් ශ්‍රී ලංකාවට අයත් සාගරයට හා ජීවීන්ට සිදුව තිබෙන පරිසර හානියට අදාලව පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව ක්‍රියාත්මකවීමට ඉඩනොදුන් සියලුම රාජ්‍ය නිලධාරින් අධිකරණයට අපහාසකොට ඇතැයි ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ පවසයි.
පරිසර යුක්ති කේන්ද්‍රයේ සම නිර්මාතෘවරයකු වන ආචාර්ය දාබරේ, නෞකා ව්‍යසනයට එරෙහිව අධිකරණය හමුවට ගිය පළමු පෙත්සම්කරුවා වේ. “මීපා” ආයතනය විසින් පත්කරන ලද, මෙම නෞකාව ගිනිගැනීමෙන් සිදු වූ හානිය පිළිබඳ අධ්‍යයනය කිරීමට පත්කරන ලද විශේෂඥ කමිටුවේ පිටු 6000 කට අධික වාර්තාව විශ්ලේෂණයකොට අධිකරණය ඉදිරියේ දීර්ඝ පැහැදිලිකිරීමක් ද සිදු කළේ ඔහු ය.
වසර 200 කට අධික ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ මෙන් පෙර කිසිදිනෙක සිදු නොවූ අයුරින් හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් දුන් මීට අදාල තීන්දුව, පසුව අගවිනිසුරු සූරසේන පත්කරන ලද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් වෙනස් කරන ලදී. නීති විශාරදයින් පෙන්වා දෙන්නේ එය අධිකරණයට අපහාස කිරීමක් පමණක් නොව, පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව වෙනස්කර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සූරසේනගේ උවමනාවට දෙන ලද තීන්දුව නීත්‍යානුකූල වලංගු තීන්දුවක් ද නොවන බවයි.
අදාළ නඩු විභාගය සඳහා දිගටම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයම පැහැදිලි නියෝගයක් දී තිබිය දී එය, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් වෙනස් කළේ කවරෙක් ද යන්න විමසමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටර්වරයාගෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් පත්‍ර යොමු කර ඇතත් මේ දක්වා කිසිදු පිළිතුරක් ද ලැබී නැත.
එවකට අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත විය.
එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල මගින් එවකට විෂයභාර අමාත්‍යවරයා වන නාලක ගොඩහේවා සහ සමුද්‍රීය පරීක්ෂණ අධිකාරිය මෙම විනාශය වැළැක්වීමට නිසි පියවර නොගැනීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීන්දු කළේය.
එමෙන්ම එම තීන්දුව මගින් “දූෂකයා විසින් ගෙවිය යුතුය” (Polluter Pays Principle) යන ජාත්‍යන්තර පරිසර නීති ප්‍රතිපත්තිය මත පදනම්ව නැවේ හිමිකාරිත්වය දැරූ සිංගප්පූරුවේ X – Press Feeders සමාගම සහ එහි දේශීය නියෝජිත Sea Consortium Lanka සමාගම එක්ව ඇමරිකානු ඩොලර් බිලියන 1 ක (USD 1 Billion) වන්දි මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු බවට ද නියෝග කෙරිණි. මෙම වන්දිය වසරක් ඇතුළත කොටස් වශයෙන් ගෙවා අවසන් කළ යුතු බවට ද එහි අවධාරණය කර තිබිණි.
ඉන් අනතුරුව වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සිංගප්පූරු නැව් සමාගම සහ ඔවුන්ගේ රක්ෂණ සමාගම් විසින් ප්‍රතික්ෂේප කිරීම ය. අධිකරණය නියම කළ පරිදි 2025 සැප්තැම්බර් මාසයේ දී ගෙවීමට තිබූ පළමු වාරිකය හෝ ඉන් පසු මුදල් කිසිවක් මේ වන තෙක් මෙරට භාණ්ඩාගාරයට ලැබී නැත. මේ අතර මීට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මගින් සිංගප්පූරු ජාත්‍යන්තර අධිකරණයේ (SICC) ගොනුකර තිබෙන සිවිල් වන්දි නඩුව තවදුරටත් විභාග වෙමින් තිබේ.
කෙසේ වෙතත්, 2025 ජූලි 27 ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු ධූරයට පත්වීමෙන් පසු, 2025 ජූලි 24 වැනි දා පංච පුද්ගල විනිසුරු මඩුල්ල දුන් තීන්දුව කනපිට හැරවීමට කටයුතු කළේය. 2025 ජූලි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල දුන් තීන්දුවෙන් අවධාරණය කර තිබුණේ, නියම කළ වන්දි මුදල් ගෙවීමේ ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීම සඳහා 2025 සැප්තැම්බර් මාසයේ සිට මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නැවත සමාලෝචනය (Review Hearing) කළ යුතු බවයි. මෙම නියෝගයට පටහැනිව දේවගැති, අගවිනිසුරු සූරසේන කලේ එම සමාලෝචන කාර්යයට තමන්ට ගැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් තුන් දෙනෙකු යොදවා පංච පුද්ගල විනිසුරුවන්ගේ තීන්දුව ආපසු හැරවීමයි. ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි හා ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම සූරසේන ගැති විනිසුරුවෝ වෙති. වන්දි අය කර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තමන්ගේ නීතිමය සීමාව තුළ කළ හැකි උපරිම දේ සිදුකර ඇති බව කියමින්, වන්දි නොගෙවා පැහැර හැරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා හැරිය කිසිවකුට විරුද්දව පියවර ගැනීම ඒ මගින් වැලකුණි. වගඋත්තරකාර සමාගමේ දේශීය අධ්‍යක්ෂවරුන් සිරභාරයට ගැනීමෙන් පමණක් මෙම ඩොලර් බිලියනයක දැවැන්ත වන්දිය ලබාගත නොහැකි වනු ඇතැයි පවසා, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාල සමාගමට පීඩනය එල්ල කිරීමේ පියවර ගැනීමෙන් ද හිතා මතා වැලකුණි.
මෙය, දේවගැති, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ බලපෑම මත සිදුකරන ලද ක්‍රියාවක් බව ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචිමාර්ග පවසයි. එමගින් අදාළ නැවූ සමාගම වෙතින් සූරසේනාලාට ලැබුණු “සන්තෝශම” පිළිබඳ තොරතුරු ඉදිරියේ දී අණාවරණය කිරීමට අපි සූදානමින් සිටිමු.
- දේවක වීරසූරිය
