April 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගල් අඟුරු සභාපතිගේ හඬ පට අහසට!

1 min read

ගල් අඟුරු සමාගමේ මෑතකදී පත් කෙරුණු සභාපති ජයන්ත රත්නායකගේ හඬ පටයක් මේ වන විට අප වෙත ලැබී තිබේ. එම හඬ පටය තුළ ඔහු පවසනු ලබන්නේ, “මම මේ තනතුර භාර ගත්තේ ජනාධිපතිතුමයි ධම්මිකයි (ධම්මික පෙරේරා) ඉල්ලීමක් කරපු නිසා… මට මේවට හිරේ යන්න බෑ… ” යනුවෙන් ප්‍රකාශයක් එම හඩපටය තුළඝ ගැබ්ව තිබේ.

සභාපතිවරයා තවත් කිහිප දෙනෙකු සමඟ සිදු කරගන්නා අදහස් හුවමාරුවක දී මෙසේ කියැවී තිබේ.

එම හඬ පටයට තව නොබෝ වේලාවකින් සවන් දීමට අප ඔබට අවස්ථාව සලසන බව අවධාරණය කරමු.

සීමාසහිත ලංකා ගල් අඟුරු සමාගම ජනාධිපතිවරයා විසින් ඉතා සමීපව මෙහෙයවනු ලබන ආයතනයක් බව මෙයින් පැහැදිලි වේ. මෑතකදී සිදු කරන ලද ‘ස්පොට් ටෙන්ඩරය’ ක්‍රියාත්මක වූයේ ද මෙම නව සභාපතිවරයා යටතේය. එම ටෙන්ඩරය හිමි වූයේ ධම්මික පෙරේරාගේ හේලීස් (Hayleys) සමාගමට ය. ඒ අනුව ජනාධිපතිවරයාගේ හා ධම්මිකගේ ඕනෑ එපාකම් අනුව ගල් අඟුරු ටෙන්ඩර් පිළිබඳ තීරණ ගැනෙන බව පැහැදිලි වේ.

මීට පෙර සිටි සභාපතිවරයා අදාළ ටෙන්ඩර් පිළිබඳ තීරණ සඳහා අමාත්‍යාංශයෙන් සිදු කරන ලද බලපෑම් හේතුවෙන් ඉල්ලා අස්විය.

ජනප්‍රිය පුවත්  ජ.වි.පෙ. "සමරුව"ට කඩා පනින්න ගියේ කවුද ? | කවුරුත් නොදන්න ඇත්ත මෙන්න

මේ අතර CID විසින් සීල් තබා ඇති ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට නැවත 16 වැනිදා පැමිණෙන බව එහි ප්‍රධානියාට CIDය විසින් දන්වා ඇත. මේ අතර තුර ගල් අඟුරු රැගෙන මෙරටට පැමිණි නැවක් ඊයේ සිට ගල් අඟුරු ගොඩබෑමට අවශ්‍ය නියෝගය ලැබෙන තෙක් මුහුදේ රැඳී සිටියි. ප්‍රධාන කාර්යාලය වසා ඇති බැවින් නිලධාරීන්ට සිය රාජකාරි නිසි පරිදි සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

16 වැනිදා ප්‍රධාන කාර්යාලයට පැමිණෙන සී.අයි.ඩී. නිලධාරීන් එහි ඇති ලැප්ටොප් හා දත්ත ඇතුළත් අනෙකුත් භාණ්ඩ තමන් භාරයට ගැනීමට නියමිතය. එමෙන්ම එම ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයා, මෙහෙයුම් නිලධාරී සහ ගණකාධිකාරී යන අය ප්‍රකාශ ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවීමට නියමිත අතර, ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගැනෙනු ඇත.

චරිත අබේසිරි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x