June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ICC ය රහසිගතව ෂම්මි ව මුණ ගැසේ !

1 min read

ම‍ෙරටට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිතයින් දෙපළ පසුගිය 16 වැනි දා රාත්‍රී කාලයේදී අප්‍රකටව ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපති ෂම්මි සිල්වා මුණගැසී තිබේ. එම නියෝජිතයන් ජනාධිපතිවරයාව (17) හමුවුණේ, ෂම්මි සිල්වා හමු වී සාකච්ඡා කිරීමෙන් පසුය.

එම නියෝජිතයන් ෂම්මි සිල්වා හමුවේ පවසා ඇත්තේ, ක්‍රිකට් පරිවර්තන කමිටුවට මසක් ගත වූ විට, මසක ප්‍රගති සමාලෝචන වාර්තාවක් තමන් ඉල්ලා සිටින බවය. එය ලබා ගැනීමෙන් අනතුරුව ක්‍රිකට් නිලවරණය තෙමසක් ඇතුලත පැවැත්විය යුතු බවට ඔවුන් නිවේදනය කිරීමට බලාපොරොත්තුවන බව ද පවසා තිබේ.

එම නිවේදනය මගින් දක්වනු ලබන ආකාරයට කටයුතු නොකළහොත් ICC ය පැත්තෙන් දැඩි තීරණ ගනු ලබන බවද ඔවුන් දෙපළ ෂම්මි සිල්වා හමුවේ පවසා ඇත.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් වාර්ෂිකව පවත්වනු ලබන මෙරට අභ්‍යන්තර ක්‍රීඩා තරග පැවැත්වීමටවත් ප්‍රමාණවත් මුදල් නොමැතිකමෙන් ක්‍රිකට් ආයතනය දුෂ්කරතාවට පත්ව ඇත.

  • සුජීව රඹුක්කන –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x