“BJP දැනගන්න” ඉන්දියා යන ජ.වි.පෙ. : මහලේකම් ටිල්වින්, මන්ත්‍රී අබූබකර් ඇතුළු පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක
1 min read
ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් ඉන්දියාවේ ‘KNOW BJP’ වැඩසටහන යටතේ සිව්දින නිල සංචාරයක් සඳහා ඔක්තෝම්බර් 1වන දින දක්වා එරට සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
භාරතීය ජනතා පක්ෂයේ (BJP) විදේශ කටයුතු අංශයේ ආරාධනයක් මත සිදු කෙෙන මෙම සංචාරය අතරතුර, ජවිපෙ නියෝජිත පිරිස ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ බීජේපී ජාතික සභාපති නිතින් නබින් ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
මෙම සංචාරය තුළින් දෙපාර්ශ්වය අතර දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත්, සංවිධානාත්මක අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් අපේක්ෂා කරන බව බීජේපී විදේශ කටයුතු අංශය ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.
මෙම නියෝජිත පිරිසට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික චන්ද්‍රිකා අධිකාරි, පාර්ලිමේන්තු මන්ත්‍රී අබූබකර් අතම්බාවා, දිස්ත්‍රික් කමිටු සාමාජික කබිලන් සුන්දරමූර්ති සහ ජාත්‍යන්තර අංශයේ සාමාජිකා කල්පනා මධුභාෂිනී ඇතුළත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
- ජයන්ත වීරමුණි
