September 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තායිවානය ආරක්ෂාව තර කරයි

1 min read

තායිවානය විසින් Pratas දූපත් සමූහය වටා සිදුකරන නාවික මුර සංචාර තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ.

චීන ක්‍රියාකාරකම්වල වර්ධනයට ප්‍රතිචාරයක් ලෙස විශාල නෞකා නිරන්තරයෙන් එම ප්‍රදේශයට යෙදවීමද මීට ඇතුළත් වන බව තායිවාන පුවත් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තායිවානය තමන්ගේම භූමියක් ලෙස චීනය හිමිකම් කියන නමුත් තායිවාන රජය එම ස්ථාවරය තරයේ ප්‍රතික්ෂේප කරයි.

පසුගිය වසර 5 පුරා තායිවානය වටා සිය හමුදා රැඳවුම් වැඩි කරමින් චීනය කටයුතු කරමින් සිටී.

දකුණු තායිවානය සහ හොංකොං අතර පිහිටා ඇති, තායිවානය යටතේ පාලනය වන දූපත්, තායිවාන ප්‍රධාන භූමියේ සිට කිලෝමීටර් 400කට වඩා දුරින් පිහිටීම නිසා චීන ප්‍රහාරයන්ට පහසුවෙන් ලක්විය හැකි ප්‍රදේශයක් ලෙස ආරක්ෂක විශේෂඥයෝ පෙන්වාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් තායිවාන වෙරළාරක්ෂක බළකාය පවසන්නේ ප්‍රටාස් මුහුදු සීමාවේ ඔවුන්ගේ සමස්ත මුර සංචාර සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම තර කර ඇති බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x