April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාවේ ජනගහනය ලක්ෂ 14කින් ඉහළ ගිහින්!

1 min read

නවතම ජන හා නිවාස සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය ගෙවුණු වසර 12 තුළ ලක්ෂ 14කින් වැඩි වී තිබේ.

මේ බව අනාවරණ වන්නේ 2024 ජන හා නිවාස සංගණනයේ වාර්තාව අනුවයි.

එමෙන්ම මෙරට තුළ සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාවේ සුළු අඩුවීමක් ද දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ 15 වන ජන හා නිවාස සංගණනය 2024 දෙසැම්බර් මස 19 වැනිදා ආරම්භ වූ අතර, ඉතිහාසයේ ප්‍රථමවරට ටැබ් පරිගණක සහ සුහුරු ජංගම දුරකථන භාවිත කරමින් මෙම සංගණනය සිදුකිරීම විශේෂත්වයක්.

එහි අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දෙන ලදී.

මෙවර සංගණනය අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 21,781,800ක් වේ.

2012 වසරේ අවසන් සංගණනය අනුව මෙරට සමස්ත ජනගහනය දැක්වුණේ 20,359,439ක් ලෙසයි.

ඒ අනුව ගෙවුණු වසර 12 තුළ ශ්‍රී ලංකාවේ ජනගහනය 1,422,361කින් වැඩි වී තිබේ.

ස්ත්‍රී – පුරුෂ ජනගහනය වෙන් වෙන් වශයෙන් සැලකීමේදී වැඩිම ජනගහනය ස්ත්‍රී ජනගහනයයි.

එය මෙරට ජනගහනයෙන් සියයට 51.7ක් එනම් 11,269,456 ක් වේ.

ජනප්‍රිය පුවත්  රිලා දූපත උපකල්පනයක්! ප්‍රායෝගික නෑ - මාලිමා මන්ත්‍රී රුවන් මාපලගම

සියයට 48.3ක් පුරුෂයින් වන අතර එය සංඛ්‍යාත්මකව 10,512,344ක්.

ඒ අනුව මෙරට ස්ත්‍රීන් සංඛ්‍යාව පුරුෂ සංඛ්‍යාවට වඩා 757,112කින් වැඩි වී තිබේ.

දිස්ත්‍රික්ක අනුව සැලකීමේදී වැඩිම ජනගහනය ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 2,436,142ක්.

දෙවැනි වැඩිම ජනගහනය සහිත දිස්ත්‍රික්කය කොළඹ වන අතර එය 2,375,415ක් වේ.

තෙවැනි වැඩිම ජනගහනය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 1,768,156ක්.

ශ්‍රී ලංකාවේ අඩුම ජනගහනය මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 122,619ක්.

පුමිතිරි අනුපාතය හෙවත් සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාව රටක වැදගත් ජන විකාශක දර්ශකයක් වේ.

ඒ අනුව සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාව 93.3ක් බව නව සංගණනයේ දැක්වේ.

2012 සංගණනයේදී එම අගය පැවතියේ 93.8ක් ලෙසයි.

ඒ අනුව එම පිරිමින් සංඛ්‍යාවේ අගය දශම 5කින් අඩු වී තිබේ.

සෑම දිස්ත්‍රික්කයම පුමිතිරි අනුපාතය 100ට වඩු අඩු අගයන් පෙන්වීම විශේෂත්වයක් බව ද සංගණන වාර්තාවේ සඳහන්.

මෙහිදී ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ජනගහනය 3,167,263 ක් ලෙස දක්වා තිබේ.

එනම් වෙනත් දිස්ත්‍රික්කයක හෝ රටක සාමාන්‍ය පදිංචියේ සිට දැනට පදිංචි දිස්ත්‍රික්කයට පැමිණ ඇති ජනගහනයයි.

ජනප්‍රිය පුවත්  මහා පරිමාණ ගැටුමකට ඊශ්‍රායලයේ සූදානමක්!

ඒ අනුව වැඩිම සංක්‍රමණික ජනගහනය වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 530,643ක්.

වයස් කාණ්ඩ අනුව සැලකීමේදී මෙරට වැඩිම ජනගහනය අවුරුදු 15ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අතර එම අගය 13,353,837ක්.

වයස අවුරුදු 65 හා ඊට වැඩි ජනගහනය එනම් වැඩිහිටි ජනගහනය 2,737,814ක් ලෙස දැක්වේ.

මෙරට වයස අවුරුදු 14ට අඩු ළමා ජනගහනය දැක්වෙන්නේ 4,506,839ක් ලෙසයි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x