මුජිබර් රහුමාන් ISIS ත්‍රස්තවාදියෙක්!
1 min read
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ISIS ත්‍රස්තවාදියකු බව අද (06) පැවැති මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කර ඇත.
‘‘මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පොලිස් විමර්ශනයකින් පොලිස් ලොක්කෙකු බේරෙගන තියෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු සිදුකරන ලද විමර්ශනවලදී ISIS ත්රස්තවාදීන් සමග සමීප සබදතා පවත්වන ලද සෙයිද් මවුලානා නැමැත්තකු අනාවරණය වී තියෙනවා. ඔහු ඉන්දියාවේ සිටින අයෙක්. ඔහු ගැන විමර්ශනය කරන විට ඔහුගේ දුරකථන ඇමැතුම් සබදතාවල වැඩි වශයෙන් තිබී ඇත්තේ මුජිබර් රහුමාන් සමග වූ දුරකථන ඇමතුම්” යනුවෙන් ද ඔහු මෙහිදී අනාවරණය කළේ ය.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
