June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගල්අඟුරු සඳහා ලංසු කැඳවයි..

1 min read

ලක්විජය බලාගාරයේ 2026/2027 වාරය සඳහා ගල්අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක් සිදුකර තිබේ.

ලංකා ගල්අගුරු සමාගම සඳහන් කළේ 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රෙල් මස දක්වා කාලය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2යි දශම 2යි 8ක් මිලදී ගැනීම සඳහා මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවය.

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ 2026/2027 වාරය සඳහා සැපයුම්කරුවෙක් තෝරාගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමට අදාළ ආරාධනය ලංකා ගල් අගුරු සමාගම සිය වෙබ් අඩවියේ මේ වනවිට ප්‍රසිද්ධකර ඇත.

එහි දැක්වෙන්න් 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රෙල් මස දක්වා කාලය සඳහා ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීම සඳහා මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවය.

මෙම ලංසු කැඳවීම මැයි මස 14 වැනිදා දක්වා සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇති අතර අයදුම්කරුවන් සපුරාලිය යුතු කොන්දේසි පිළිබඳව ද දැනුම් දී තිබේ.

ඒ අනුව, යාත්‍රා 38ක් යටතේ ගල්අගුරු සැපයීම සිදුකළ යුතු අතර 2026 වසරේදී යාත්‍රා 20ක් සහ 2027 වසරේදී යාත්‍රා 18ක් වශයෙන් එම ගල්අඟුරු සැපයීම සිදුකළ යුතු අතර දින 210ක් ඇතුළත අදාල සියලු සැපයුම් සිදුකළ යුතු බවද එම කොන්දේසිවල සඳහන්.

ජනප්‍රිය පුවත්  වරාය හා සිවිල් ගුවන්සේවා, බිමල්ගෙන් ගලවයි!

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x