ගොවි සංවිධානයේ බලය අල්ලන්න ආ මාලිමාවන්ට ගොවීන්ගෙන් “හූ“ සංග්‍රහයක්!
1 min read
දියසෙන්පුර, කාලිංග ඇළ ගොවි සංවිධානයේ නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම සඳහා පැවැත්වූ මහා සභා රැස්වීමේදී ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයින් පිරිසකට ගොවීන්ගෙන් දැඩි විරෝධයක් සහ හූ හඬක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි.
ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ මාලිමා නියෝජිතයින්ට රැස්වීම් ශාලාවෙන් පිටව යාමට සිදු වූ බව වාර්තා වේ.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ගොවි සංවිධානයේ නිලවරණ කටයුතු සිදුවෙමින් පවතින අතරතුර, ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් නිවාසික ව්‍යාපාර ව්‍යාපෘති කළමනාකරු ද සමඟ රැස්වීම් ශාලාවට පැමිණ ඇත. එහිදී ඔවුන් ගොවි සංවිධානයේ බලය අල්ලා ගැනීමට සහ තමන්ට අවශ්‍ය පිරිසක් නිලතලවලට පත් කිරීමට උත්සාහ කළ බවට ගොවීහු සෘජුවම චෝදනා කළහ.
එහිදී අදහස් දැක්වූ ගොවි නියෝජිතයෙකු දැඩි ස්වරයෙන් අවධාරණය කළේ, “ගොවි සංවිධානවලට දේශපාලනය ගේන්න හදන්න එපා” යනුවෙනි. තමන්ට අවශ්‍ය නිලධාරීන් පත් කර ගැනීමට ගොවීන්ට ඇති ස්වාධීන අයිතියට බාධා නොකරන ලෙස ඔවුහු එහිදී ඉල්ලා සිටියහ.
ගොවීන්ගේ ඒකමතික විරෝධය සහ නැඟුණු අඛණ්ඩ හූ හඬ මධ්‍යයේ, පැමිණ සිටි මාලිමා මන්ත්‍රීවරුන්ට සහ සෙසු නියෝජිතයින්ට සභාවෙන් ඉවතට යාමට සිදුව ඇත.
ගොවි නියෝජිතයෙකු ප්‍රකාශ කළේ, දේශපාලන බලය යොදා ගොවි සංවිධානය යටත් කර ගැනීමට දැරූ උත්සාහය සාමාජිකයින්ගේ විරෝධය හමුවේ අසාර්ථක වූ බවයි.
දේශපාලන නියෝජිතයින් පිටව යාමෙන් අනතුරුව, ගොවීන් විසින් හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලයම නැවතත් සිය සංවිධානයේ නිලතල සඳහා තේරී පත් කර ගනු ලැබීය. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගොවි නියෝජිතයෙකු පැවසුවේ, “මෙවැනි දේශපාලඥයින් නැවත ගොවි සංවිධාන තුළට නොපැමිණෙනු ඇතැයි තමන් ප්‍රාර්ථනා කරන” බවයි.
රැස්වීමේදී ගොවීන් වැඩිදුරටත් කියා සිටියේ, බලධාරීන් කළ යුත්තේ ගොවි සංවිධාන තුළ දේශපාලනය ක්‍රියාත්මක කිරීම නොව, තමන්ට අවශ්‍ය පොහොර සහ ජල කළමනාකරණය වැනි මූලික අවශ්‍යතා නිසි පරිදි ඉටු කර දීම බවයි.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
