April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගල් අඟුරු “ස්පොට්” ටෙන්ඩරය ගැන පැලවත්ත අසතුටෙන්!

1 min read

නොරොච්චෝල විදුලිය බලාගාරය සඳහා ගල් අඟුරු ගෙන ඒම පිණිස ආණ්ඩුව සිදුකරන ලද ‘‘ස්පොට්“ ටෙන්ඩරය“ එහි අඩුම දෙවැනියාට මිල ගණන් ඉදිරිපත් කරන ලද ධම්මික පෙරේරාගේ හේලීස්පෙන්ටන් සමාගම දේශීය සමාගම ලෙස කටයුතු කරන ඉන්දීය සමාගමට ලබාදීමට ගෙන ඇති තීරණය පිළිබඳව ජ.වි.පෙ. මූලස්ථානය අසතුටට පත්ව ඇතැයි වාර්තා වේ.

TRANJOT නැමති සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ මොහාන් පණ්ඩිතගේ යටතේ පවතින හේලිස් පෙන්ටන් සමාගම ය.

අදාල ටෙන්ඩරයට ඉදිරිපත් වූ දැනට බාල ගල් අඟුරු ගෙන්වන ඉන්දීය සමාගම අඩුම මිල ඉදිරිපත් කර තිබූ අතර පසුව කිසියම් හේතුවක් මත ඔවුන් දන්වා ඇත්තේ තමන්ට ලබා දිය හැක්කේ ගල් අඟුරු ටොන් එකක් ඇමරිකන් ඩොලර් 144ක මිලකට බව ය. ඒ අනුව එම ආයතනය පසුව ඉදිරිපත් කළ මිලට වඩා ඩොලර් එකක් අඩු මිල දක්වා ඇති ධම්මික පෙරේරාගේ සමාගමට අදාල නැව් 5ක ගල් අඟුරු ගෙන්වීම බාර දීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඔවුන් ගල් අඟුරු ගෙන්වා ලබාදෙන්නේ ටොන් එකක් රුපියල් 143ක මිලකටය.

මෙමගින් ගල් අඟුරු මිලදී ගැනීමේදී ඇමරිකන් ඩොලර් ලක්ෂ 150ක් පමණ අතිරේක වියදමක් රජයට දැරීමට සිදුව ඇත.

ජනප්‍රිය පුවත්  නිදහස් දවසට ණයට ගත් ආයුධ පෙන්නුවාට ජාතික අභිමානය ගොඩනැගෙන්නේ නෑ…! – අමාත්‍ය චන්දන අබේරත්න…

කෙසේ වෙතත්, ධම්මික පෙරේරා සමඟ ජනාධිපතිවරයාගේ හිතවත්කම ප්‍රබල බැවින්, මෙම ගනුදෙනුුවෙන් තමන්ට වාසියක් නොලැබීම මත ජ.වි.පෙ. පැලවත්ත ප්‍රධානීන් සංජය මහවත්ත නමැති සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයාට දන්නා ඇත්තේ, එම ගනුදෙනුව විවේචනයට ලක් කරන මෙන්ය. සංජය මහවත්ත රුපියල් ලක්ෂ 25කට මිලදී ගනු ලැබ ඇත්තේ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ පුත් රකිත රාජපක්ෂ විසිනි. රකිත රාජපක්ෂ මේ වන විට ජනාධිපතිවරයාගේ මෙන්ම ජ.වි.පෙ. නායකයන්ගේ ද සමීපතම ව්‍යාපාරික ගනුදෙනුකරුවකු බවට පත්ව තිබේ.

දයානන්ද කුලසිරි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x