October 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බ්‍රිතාන්‍යයේ උද්ධමනය 3.5% දක්වා ඉහළට..

1 min read

බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.

අගෝස්තු මාසයේදී 3.1%ක් ලෙස සටහන්ව තිබූ උද්ධමනය මෙලෙස ඉහළ ගොස් ඇත්තේ, මාස පහක ඉහළම අගය වාර්තා කළ එම මාසයටත් සාපේක්ෂව තවදුරටත් වර්ධනයක් පෙන්වමිනි.

මෙම උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම, ගුවන් ගමන් ගාස්තු ඉහළ යාම සහ සජීවී උත්සව සඳහා වැය වන පිරිවැය වැඩි වීම බලපා ඇත. එමෙන්ම, මෙම උද්ධමන අගය මූල්‍ය විශ්ලේෂකයන් විසින් අපේක්ෂා කළ මට්ටමට වඩා මඳක් ඉහළ අගයක් ගන්නා බවද එම වාර්තාවන්හි සඳහන් වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x