පිහාටු ඇති බල්ලෙක් සබරගමුවෙන්!
1 min read
සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාසල් නිවාඩු දින සඳහා සිසු සිසුවියන්ට පැවරීම සඳහා ක්‍රියාකාරකම් මාලාවක් පසුගිය (24) දා නිකුත් කර තිබුණි. එහිදී 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සඳහා ගුරුවරුන්ට ලබා දී ඇති පැවරුම් පත්‍රිකාව බරපතළ දෝෂ සහිත වූවකි.
එහි ඉදිරිපත් කර තිබෙන එක් පැවරුම් පත්‍රිකාවක දැක්වෙන්නේ, තම වත්තට පැමිණෙන සතුන් නිරීක්ෂණය කර වගුවක ඒ පිළිබඳව සටහන් කිරීමට ය. පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් යටතේ මෙය ඉදිරිපත් කර තිබේ. ගුරුවරුන්ට වඩාත් පහසුවීම සඳහා එම වගුව පුරවන අන්දම එහි දක්වා ඇත.
මේ සමග වන එම වගුවේ ‘‘දුටු සතා“ යන්න ඉදිරියෙන් බල්ලා යනුවෙන් ද, පාද ගණන 4 යනුවෙන් ද, පිහාටු ඇත යනුවෙන් ද, ලොම් ඇත යනුවෙන් ද, පාට බල්ලා යනුවෙන් ද දක්වා තිබේ.
ඊට පසුදා පෙරවරු 11ට පමණ ගුරුවරියක් විසින් දෙපාර්තමේන්තුවට මෙම වැරදි පෙන්වා දී තිබේ. පසුව එය නිවැරදි කර ගුරුවන් වෙත යොමු කර ඇත. දරුවන්ගේ අධ්‍යාපනයට අදාළව කිසිදු වගකීම් සහගත බවක් බලධාරීන් සතුව නොපවතින බව මෙමගින් පැහැදිලි වේ.

කල්ප විතානගේ
