ඉන්දියානු ගානට් කොල්ලයට සියල්ල සූදානම්!
1 min read
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ඉන්දියාවේ පතල් කැණීම් භාර අමාත්‍යවරයා සමග ඇති කරගෙන තිබෙන එකඟතා අනුව, මෙරට ඛනිජ සම්පත් කැණීම සහ ඒවා අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම ඉන්දියානු සමාගම් වෙත පවරාදී තිබේ. එහි පළමු පියවර ලෙස මේ වන විට දකුණේ මාගම්මෝදර වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශය ගාර්නට් මැණික් වැල්ල ලෙස හඳුන්වනු ලබන සුවිශේෂී කලාපය ඉන්දීය සමාගමකට ලබාදීම සඳහා භූ විද්‍යා හා පතල් කැණිමේ කාර්යාංශය ක්‍රියාත්මකව සිටී.
ඒ අනුව, එම ගානට් සහ වෙනත් ඛනිජ සම්පත් (ඒ ආශ්‍රිත) ඇති ප්‍රදේශය සිතියම් ගතකර, එකී ප්‍රදේශය තුළ වසර සිය ගණනක් තිස්සේ ජීවත්වන ගම්වැසියන් එම ප්‍රදේශවලින් ඉවත් කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. මේ සමග දැක්වෙන්නේ පතල් හා කැණීම් කාර්යාංශයෙන් ඊට අදාලව සකසා තිබෙන සිතියම ය.

මෙම ඛනිජ නිධිය තුළ ගානට් 28.32% අතර ප්‍රමාණයක් ද ඉල්මනයිට් 4.5% අතර ප්‍රමාණයක් ද පවතින බව පර්යේෂණ මගින් සනාථ කරගෙන තිබේ. ගානට් නැමැති මෙම වැලි වර්ගය මෙතරම් ඉහළ ප්‍රතිශතයකින් වාර්තා වන්නේ මාගම කිරින්ද වෙරළ තීරයෙන් පමණි.
යාල හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කෙරෙන අලිමංකඩක් ද මෙම වැලි වැටිය මතින් වැටී ඇත. ඊට අමතරව පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් භූමි කලාපයක් ද මීට අයත්ව ඇත.
මෙම ඛනිජ වැලි කොල්ලයට සමගාමීව, තවත් විවිධ කණිජ සම්පත් කොල්ලකෑමට ඉන්දියානු සමාගම් සඳහා ඉඩ ලබාදීමට කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කර තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා ද ඉන්දියානු සමාගම් විසින් මිලට ගෙන තිබේ.
සම්පත් ඒ සමරතුංග.
