April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කරන්න! රහස් පොලීසියට අධිකරණයෙන් නියෝගයක්

1 min read

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාව ලබන 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (26) නියෝග කළා.

මෙම සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධියට අදාල නඩුව කැඳූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර යටතින් වෙනත් අංශයකට මාරු කරන ලෙසයි.

විත්තිකාර පාර්ශවයෙන් කළ එම ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (26) ප්‍රතික්ෂේප කළා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x