ප්‍රභූ සහ නිර් – ප්‍රභූ
1 min read
ජනතාවට උඩින් නොයන නිර් – ප්‍රභූ පාලනය දැන් යන්නේ උඩින් ය. එකම වෙනසකට ඇත්තේ දැන් මේවා ගොඩබාන්නේ වැඩිය මිනිසුන්ට ඇස නොගැටෙන තැන්වල ය.
උදාහරණයක් ලෙස කිවහොත්, ජනාධිපති මහින්ද වැන්නන්, මහනුවර යන විට තම ගුවන් යානය ගොඩබාන්නේ මහනුවර පොලිස් ක්‍රීඩාංගණයට ය. පසුගිය දා නිර් – ප්‍රභූ ජනාධිපති තම ගුවන් යානය ගොඩ බෑවේ මහනුවර ජනාධිපති මන්දිරිය සහිත භූමිය තුළට ය. එවිට හුදී මහජනයාගේ අවධානයට ලක්වන්නේ අඩුවෙන් ය.
දැන් බලාගෙන ගියාම ප්‍රභූ යනු ඒ දේවල් නොසඟවා කරන උන්ය. නිර් – ප්‍රභූ යනු ඒ දේවල් හංගා කරන උන් ය. ප්‍රභූ ආණ්ඩු තම පක්ෂ කාඩරයට පාවිච්චි කිරීමට ඩබල් කැබ් 1700 ක් එකවර ගෙන ආවේ නැත. නිර් – ප්‍රභූ ආණ්ඩුව කිසිම ගානක් නැතුව (රට හොම්බෙන් යද්දීත්) ඒවා තොග පිටින් ගෙන එන බව කියයි.
ප්‍රභූ ආණ්ඩු ගල් අඟුරු බාල කර ගාන කපා ගත් බව අප අසා නැත. නිර් – ප්‍රභූවන්නම් බාල ගල් අඟුරු කා වතුර බිබී කොළඹ දුවන යකඩ යකාටත් හපන්ය. ප්‍රභූ – ආණ්ඩු තම බිරිඳ හංගන්නේ නැත. නිර් – ප්‍රභූවා තම ගෑණි හංගා, උත්සවවල දී වෙන ගෑනුන්ගේ කඳුළු පිසලන අන්දම එකිගසා පවසන්නේ ය.
තව මේ කතාව දුර දිග යා හැක. සෙස්ස පස්සට ය.
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
