April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වලං ශානිගේ අවලන් පස්ස

1 min read

රහස් පොලීසියේ ලොක්කා ශානිය. සමහරු ශානිට කියන්නේ වලං ශානි යැයි කියාය. ඒ, රන්ජන් රාමනායකගේ ගෙදරට පැමිණ ඕනෑම වලඳක් හෝදන්නම් යනුවෙන් ශානි කියපු කතාව ඇතුලත් හඬ පටය ඇසීමෙන් පසුව ය. අපට අනුව නම් ශානි හොඳ වලං හෝදන්නට නොවේ. ඔහු ගැළපෙන්නේ සදා නිම කළ වලං පිරුණු කඩේට පැනපු ගොනාගේ වැඩේට ය.

වලං ශානිට අවලන් ශානි වන්නට යන්නේ ඉතා කුඩා වෙනසකිණි. ඒ, වලං හෝදන හැමෝම අවලන් නිසා නොවේ. ශානි වලං හෝදන්නේ තම අවලන් වැඩ වසා ගැනීමට නිසා ය.

වලං ශානි මේ දිනවල කරන අවලන්ම වැඩේ කරන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට ය. සලේ යනු, රහස් බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා ය. රටේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය බුද්ධි අංශය සවිමත්ව ගොඩනගන ලද කීප දෙනාගෙන් එක්කෙනෙක් ය. මානුෂීය යුද්ධය පැවති කාලයේ කොටි නසන බුද්ධි තොරතුරු සපයා දුන් ප්‍රශස්ත නිලධාරියා ය. ඔහු අවලන් ශානි මෙන් කාගේවත් වලං හෝදන්නට යන්නෙකු නොවීය.

වලං ශානි, එහෙව් සලේව රඳවා ගැනීමේ නියෝග මත තමා යටතේ තබාගෙන ලියමින් ඉන්නේ නවතම ක්‍රියාදාම චිත්‍රපටියක පිටපත ය. ෆාදර් සිරිල් ගාමිණිගේ කතෝලික සිනමා පර්ශදය පවත්වන සම්මාන උළෙලේ දී, ශානිගේ තිර පිටපත සහිතව නිමැවීමට නියමිත චිත්‍රපටයට ජූරියේ විශිෂ්ඨතම සම්මානය ලබාදීමටත් දැන් සියල්ල සූදානම් ය.

ජනප්‍රිය පුවත්  මධුරෝ සහ හතුරෝ

දින දෙක තුනකට පෙර CID යේ ශානිගේ පැටව් උසාවියට කීවේ විශ්‍රාමික මේජර් ‍ජෙනරාල් සැකකරුවකු නොවන බව ය. පැය 24 යන්නට පෙර වලං ශානි තම අවලන් කුසලතාව විදහා පෙන්වා සලේව අදාළ නඩුවේ සැකකරුවකු ද කළේය. ඊළගට අධිකරණය හමුවේ කරුණු දැක් වූ අවලන් ශානිගේ අවලන් බැලයෝ කියා සිටියේ, මරාගෙන මැරෙන සහරාන්ගේ පැටවුන්ට කටුවාපිටිය පල්ලිය තියෙන තැන සොයා ගැනීමට උදව් කර ඇත්තේ සලේ කියාය.

මේ කියන විදියට ඊබ්‍රාහිම් නානා බබා ය. ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවේ ඔන්චිලි පැද්ද ඊබ්‍රාහිම් නානාගේ පුත්තු දෙදෙනා ද බබාලා ය. ඒ පුත්තු සමග එකතු වී සිටි අනෙක් ත්‍රස්තවාදී පුත්තුත් බබාලා ය. උන්ට කටුවාපිටිය දේවස්ථානය සොයා ගැනීමටවත් හැකියාවක් නොතිබූ නිකම්ම නිකම් ලොන්තපෝල්ලා ය. සලේ කර ඇත්තේ ගූගල් මැප් එකේ වැඩේ ය. වලං ශානිගේ අවලන් පරීක්ෂණය යන විදිහටනම්, ගූගල් කාරයාද සැකකරුවකු වීමට ඕනෑ තරම් හේතු තිබිය හැක.

ශානි මේ පානීය දාන්නේ අධිකරණයට ය. මොලේ කලඳක් ඇති මෝඩම විනිසුරුවකුට වුව ශානි දාන පානීය නොතේරෙන්නට හේතුවක් නැත. අහන්නට ඇත්තේ වලං ශානිගෙන් එක දෙයකි!

ජනප්‍රිය පුවත්  හිල් ඇති "ජොකා" ලාගේ මූල්‍ය විනය !

‘‘ඈ බං ශානි… අද කාලේ කටුවාපිටිය පල්ලිය තියෙන තැන පෙන්නන්නේ ගූගල් කාරයා බව උබ දන්නේ නැද්ද? ගූගල් කාරයගෙන් කරගන්න තියෙන වැඩේ කරගන්න සලේ මොකටද ශානි? නිකම් ප්ලෑන් බං යන්න!“

මෙහෙව් තිර පිටපත් රචකයන් CID ලොක්කන් වූ රටක ත්‍රාසජනක විහිළු, ඉල ඇට කැඩෙන සිංදු, ප්‍රේමය උතුරා යන සටන් වෙතින් පිරුණු පට්ට චිත්‍රපටි නරඹන්නට විනිසුරන්ට සිදුවීම කුමන වර්ගයේ අවමානයක් ද? ශානි පස්ස පෙන්නන්නේ උසාවියට ය. නීතියේ දෙවඟනට ය. කතානායක වගේ එකෙකුට ශානිගේ පස්ස දුටුවහොත් චූන් වන්නට පුළුවන. එහෙත් නීතියේ දෙවඟනට ශානිගේ පස්ස කොස් කොටන්නට ද?

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
goldsbet apk
goldsbet apk
28 days ago

Goldsbet apk is the way to play on Android devices. It is safe to download and stable to use. More details can be found here goldsbet apk!

1
0
Would love your thoughts, please comment.x
()
x