March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අප කන දේ නිෂ්පාදනය කළ යුතුයි – ඊබ්‍රහිම් ට්‍රොරේ

1 min read

බුකිනාවේ ජනාධිපති කැප්ටන් ඊබ්‍රහිම් ට්‍රොරේ දීර්ඝ සහ දුෂ්කර සටනක් ජයගෙන තියෙනවා.

“අපේ ආහාර ස්වෛරීභාවය සඳහා වන සටන ජයගෙන තියෙනවා” බුකිනාවේ ජනාධිපති කැප්ටන් ඊබ්‍රහිම් ට්‍රොරේ තම රට ආහාර ස්වෛරීභාවය තහවුරු කරගත්තා කියල ඉතාම ජයග්‍රාහී ලීලාවෙන් කියල තියෙනවා. ඔහු මෙහෙම කිව්වෙ 2026 අලුත් අවුරුදු දේශනයේදීයි.

ඇත්තටම මේක දීර්ඝ සහ දුෂ්කර සටනක කුසලානයක්.

“අපේ ආහාර ස්වෛරීභාවය සඳහා වන සටනේ වසර වන්නෙ 2024යි. අපගේ සියලු උත්සාහයන් මෙම අරමුණ කරා යොමු කළ යුතුයි. අප කන දේ නිෂ්පාදනය කළ යුතු අතර අප නිෂ්පාදනය කරන දේ අනුභව කළ යුතුයි.” බුකිනා ෆාසෝ ජනාධිපති කැප්ටන් ඊබ්‍රහිම් ට්‍රොරේ 2024 වසර පටන් ගත්තෙ එහෙම කියමින්. ඔහු මෙහෙම කිව්වෙ 2023 දෙසැම්බර් 31වනදා අලුත් අවුරුදු දේශනයේදී.

ඇත්ත වශයෙන්ම එදා බුකිනා ෆාසෝ රට තිබ්බ විදිහට මෙය ඉතා නිර්භීත ප්‍රකාශයක් වුණා. ඔහු 2022 ඔක්තෝබර්වලදී රට භාර ගන්නකොට දළ දේශීය නිෂ්පාදනය 1.6% කයි තිබුණේ.
නමුත් 2023 අවුරුද්ද අවසන් වෙනකොට ඒ කියන්නෙ අවුරුද්දකින් 3% දක්වා වැඩි වෙලා තිබුණා. රට අරන් යන්න ඕනි මොන දිශාවටද කියල ට්‍රොරේ දැනගෙන හිටියා. ඒ සඳහා ඔහුට නිර්භීත සැලැස්මක් තිබුණා. ඒ වෙනුවෙන් ඔහු වැඩ කරමින් හිටියා.

ජනප්‍රිය පුවත්  හරිනිගෙ වරුනේ

මේ අවබෝධය සහ නිර්භීතකම නිසාම ඔහු තමන්ගෙ මිනිස්සුන්ට කියනවා “2024 අපේ ආහාර ස්වෛරීභාවය සඳහා වන සටනේ වසරයි” කියලා.ඇත්ත වශයෙන්ම ට්‍රෝරේගේ අලුත් අවුරුදු දේශනය සැමරීමක් නෙවෙයි. ඒක විඳ දරාගැනීම සඳහා කැඳවීමක් වුණා.
මිනිස්සු ඒක භාර ගත්තා. මිනිස්සු ට්‍රොරේගේ වචනය විශ්වාස කළා. ඒ වගේම ඔහු රටේ ආහාර ස්වයංපෝෂිතභාවය වෙනුවෙන් සියල්ල පෙළ ගැස්සුවා.

ඒ අනුව කැප්ටන් ට්‍රොරේ රට පුරාම වගා ඉඩම් පුළුල් කළා. ඔහු එක් ප්‍රාදේශීය සභාවකට අනිවාර්යෙන්ම ‍හෙක්ටයාර් 12ක් වගා කිරීමට නියම කළා. ඒ වෙනුවෙන් තරුණ,තරුණියන් 8,000ක් බඳවාගෙන පුහුණු කළා. ඔවුන්ට නවීන කෘෂි උපකරණ, බෙහෙත්, පොහොර සහ දැනුම ලබා දුන්නා.

ඒ විතරක් නෙවෙයි, ඔහු තක්කාලි පේස්ට්, තිරිඟු, කජු, කපු සහ කිරි පැක්ටරි විවෘත කළා. ඒ විතරක් නෙවෙයි වහල දාල තිබ්බ ඒවා අලුතින් හැදුවා. අලුතින් මිරිදිය මත්ස්‍ය වගාවන් ආරම්භ කළා. විශාලම මස් සැකැසුම් කර්මාන්ත ශාලා විවෘත කළා.

හෙක්ටයාර පනස්දාහේ ඉදළ ලක්ෂය දක්වා (50,000 සිට 100,000 දක්වා) ඉඩම්වල බඩ ඉරිඟු, සහල්, සහ මෙනේරි වැනි ප්‍රධාන භෝග වගා කිරීමේ මහා පරිමාණ වැඩසටහන් දියත් කළා.

ජනප්‍රිය පුවත්  මේ උද්දච්ච හැසිරීම් තැපල් ජන්දය ගහපු ⁣රාජ්‍ය සේවකයාට ගෞරවයෙන් පුජා වේවා ‼️

ඇත්ත වශයෙන්ම ට්‍රොරේ, බුකිනාවේ කෘෂිකාර්මික විප්ලවයක් දියත් කළා. ඔහු රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් පහෙන් එකක් ඒ කියන්නෙ 22%ක් කෘෂිකර්මාන්තය වෙනුවෙන් වෙන් කරල තියෙනවා. ඒක මේ අවුරුද්දෙ තවත් වැඩි වෙයි කියල හිතනවා. අපේ රටේ වෙන් කරල තියෙන්නෙ 8.2%යි.

අපේ රටෙත් මෙහෙම පෙරලියක් මිනිස්සු අනුරගෙන් බලාපොරොත්තු වුණා. නමුත් ඔහු ආව ගමන් මේසෙට තට්ටු කරල හාල් මිල වැඩි කරල රටින් හාල් ගෙන්නන්න ගත්තා. වගා කරන්නම ඕනි කියල “ලෙනින්” කොහෙවත් කියල නෑ කියල කම්කරු නායක, කෘෂිකර්ම ඇමැති ලාල්කාන්ත කිව්වා.

අවුරුද්දකින් පස්සෙ ඩඩ්ලි ලක්ෂ නවදාහකට රෝල්ස් රොයිස් කාර් එකක් ගෙනාවා.

ලංකාවේ එහෙම වුණත් බුකිනාවේ ට්‍රොරේ අංක එකට කෘෂිකර්මාන්තය තියලයි රට කරගෙන යන්නෙ. ට්‍රොරේගේ දැක්ම ඔහුගේම වචනයෙන් කියනවානම්,“රටේ මිනිස්සුගෙන් දහ දෙනෙක්ගෙන් නව දෙනෙක්ම මහ පොළොවත් එක්කනම් ජීවත් වෙන්නෙ ඒක නොසලකා රට දියුණු කරන්නෙ කොහොමද?” මේක තමයි ඔහුගේ දැක්මේ පදනම.
එහෙම බැලුවම අපේ රටේ නම් අට දෙනෙක්ම මහ පොළොවත් එක්ක ඔට්ටු අල්ලලා ජීවත් වෙනවා කියන්න පුළුවන්. නමුත් අනුර, විජිත වලි කන්නෙ තුට්ටු දෙකේ සංචාරකයෝ ගෙන්නා ගන්න.

ජනප්‍රිය පුවත්  බිඳුණු සහ විසිරුණු පරපුරක් සඳහා මාලිමා ආණ්ඩුවේ සැඟවුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

කොහොම නමුත් ආහාර ස්වෛරීභාවය බුකිනාවේ වත්මන් විප්ලවයේ පදනමයි. එය හිටපු ජනාධිපති තෝමස් සංකාරා විසින් මෙහෙයවන ලද (1983-1987) විප්ලවයේද මූලික අරමුණක් වුණා.

“ඔබව පෝෂණය කරන්නා ඔබව පාලනය කරනවා” කියලා තෝමස් සංකාර එදා කිව්වා. ඔහු අප්‍රිකාවේ චේ කියලත් හඳුන්වනවා.

සංකාරා අධිරාජ්‍යවාදී වහල් බැමි ගැන හරි ලස්සනට මිනිස්සුන්ට තේරුම් කරල දුන්නා. ඔහු මෙහෙම කිව්වා.“ බොහෝ අය අහනවා අධිරාජ්‍යවාදය කොහෙද කියල? ඔබ ආහාර ගන්නකොට ඔබේ පිඟාන දිහා බලන්න. ආනයනික සහල් , බඩ ඉරිඟු සහ මෙනේරි. එය අධිරාජ්‍යවාදයයි”.

ඉතින් බුකිනාවේ මිනිස්සු කියන්නෙ ට්‍රොරේ ගමන් කරන්නෙත් සංකාරගේ අඩි පාරේ කියල. එය වැරැදි නෑ කියලයි මට හිතෙන්නෙ.

කොහොම නමුත් ආහාර ස්වෛරීභාවය රටක ස්වාධීන පෞරෂයේ වැදගත් සාධකයක් කියල කියන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂාව, ආර්ථික සහ සමාජ අර්බුදවලට මුහුණ දීමේ කේන්ද්‍රීය කුළුණ වෙන්නෙත් ආහාර ස්වෛරීභාවයයි. එය ජයගන්න වැඩ කරනවා කියන්නෙ බලගතු සහ නිර්භීත දේශපාලන කැපවීමක්.

ප්‍රියන්ත මධුකුමාර.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x