ටිං ටිං ගේ කතා වස්තුව – 7 වැනි කොටස
1 min read
දිමුතු සෝමවංශට ලියූ ලිපිය ඉතා දිග ලිපියකි. ඇය එහි ලියා තිබුණේ ටිං ටිං ගේ ලිංගික බලහත්කාරය සිදු වූ අන්දම ය. එමෙන්ම, ඒ නිසා ඇය පත් වූ අසරණකම ය. විප්ලවවාදී පක්ෂයක ලේකම් කෙනෙකුගෙන් මෙවැනි ඉරණමකට භාජනය වීමට සිදු වීම මොනතරම් ඛේදජනක ද යන්න ය. මේ කලකිරීම මත ඇය වරක් සියදිවිහානි කර ගැනීම පවා සිතු බවය.
සෝමවංශ ප්‍රශ්ණය කළමනාකරණය කළේ ටිං ටිං ට කරදරයක් නොවන පරිදිය. මින් පෙර, මෙහි සටහන් කළ පරිදිම සෝමවංශ කළේ කලක් ගත වන තුරු දිමුතුට හිත නිදහස් කර ගැනීමේ සංචාරයක් සූදානම් කර දීමය. එය නිමා කර පැමිණි දිමුතු යළි පක්ෂය තුළ ක්‍රියාකාරී වූවාය. එහෙත් ඒ, ගුණ්ඩාගේ ඇසුර ද සහිතව ය.
ටිං ටිං ගේ ස්ත්‍රී ලොල් බව සෝමවංශ සිතුවේ ආවේණික දුර්වලතාවක් ලෙසය. ඔහු ටිං ටිං ගේ දන්නා ඉතිහාස කතාව තුළ ද එවැනි තව සිදුවීම් දැනගෙන සිටියේ ය. එහෙත් සෝමවංශ ප්‍රශ්ණය විසඳුවේ ටිං ටිං කළ වරදට ගැලපෙන පරිදි නොවේ. ඔහු කළේ වරද සිදු කළ පාර්ශවයට අගතියක් නොවන පරිදි, වරදට භාජනය වූ පාර්ශවයේ සිත සැනසීමය. එම වරදේ ප්‍රතිවිපාකවලට සෝමවංශ මුහුණ දුන්නේ ජ.වි.පෙ. නායකත්වය අනුරට පිරිනැමීමෙන් පසුවය.
අනුරට ජ.වි.පෙ. නායකත්වය ලැබීමට පෙර, පුදුමාකාර කේවල් කිරීමේ බලයක් විය. එය හොඳින්ම පෙනුනේ සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ දී ය. එම තීරණය ගැනීම සඳහා රැස් වූ මධ්‍යම කාරක සභාවේ දී අනුර පෙනී සිටියේ සරත් ෆොන්සේකා දිනවීමට රාජපක්ෂ පැරදවීම වෙනුවෙන් ජ.වි.පෙ. සහාය දිය යුතු බවය. එහෙත් ඒ වන විට ජ.වි.පෙ. මහින්ද දිනවා කර ගත්තේ හානියක් යන මතයේ සිටි මධ්‍යම කාරක සභාවේ බහුතරයක් කියා සිටියේ එය නොකළ යුතු බවය. එකල මධ්‍යම කාරක සභා සාමාජිකයකුව සිටි වරුන දීප්ත රාජපක්ෂ ද තම U Tube නාලිකාව මගින් මේ කරුණු අණාවරණය කළේය. මධ්‍යම කාරක සභාවේ එම බහුතර තීරණයට අනුර හිස නැමුවේ නැත. ඔහු තම අත වූ ලිපි ගොනුව විසි කර මධ්‍යම කාරක සභාවෙන් නැගිට ගියේ තමන් තවදුරටත් ජ.වි.පෙ. ට අයිති නොවන බවට ඉඟි කරමින් ය.
අනුර ගිය පසු මධ්‍යම කාරක සභාවට කරුණු පැහැදිලි කළ ටිං ටිං කියා සිටියේ අපූරු කතාවක් ය. ඔහු කී කතාව මෙසේ ය.
“විමලුත් අපෙන් ගියා. දැන් අනුරත් ගියොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා අපි අකමැත්තෙන් වුව ද අනුරගේ යෝජනාවට එකඟ වෙමු. නැතිනම් සිදුවන්නේ පක්ෂය බහුජනතාව හමුවේ දරුණු පරාජයකට ලක් වීමය.”
ටිං ටිං ගේ මේ අදහසට අකමැත්තෙන් වුවද මධ්‍යම කාරක සභිකයෝ අවනත විය. සෝමවංශ ද ඒ මතය හමුවේ යටත් වූ බව පැහැදිලිය.
අනුර මධ්‍යම කාරක සභාවෙන් නැගිට ආවේ තමන් කී මතයට අවනත නොවන ජ.වි.පෙ ට යළි ඒමට නොවේ. ඔහු තීරණය කළේ වහාම රටින් බැහැර වීමට ය. ග්‍රීසියේ සිටි තම මිතුරකු හරහා ඔහු අයර්ලන්තයට යාමට ගුවන් ටිකක් පත් ලබා ගත්තේය.
ගුණ්ඩා මේ වන විටත් අනුරගේ සමීපතම ගජයකු විය. මධ්‍යම කාරක සභාවෙන් නික්ම යන අනුරගෙන් ගුණ්ඩා විමසුවේ “දැන් ඔබ කුමක් කරන්නේද ?” කියාය. අනුර කියා සිටියේ ග්‍රීසියේ සිටින තම මිතුරකු ලගට යන බවය. මේ මිතුරා තුසිත හල්ලොලුව මෑතකදී අණාවරණය කරන ලද ව්‍යාපාරික මිතුරා ය. ඒ මිතුරා ගැන කී නිසා තුසිත හල්ලොලුවට හිරේ යන්නට ද සිදු විය.
අයර්ලන්තයට ගිය අනුරට පක්‍ෂයෙන් දැන්වූයේ, සරත් ෆොන්සේකා දිනවන්නට වැඩ කිරීමට පක්‍ෂය එකග වූ බවය. ඒ ආරංචිය ලද වහාම අනුර නැවතත් ලංකාවට පැමිණියේය.
ටිං ටිං මේ තීරණයේදී අනුර හමුවේ දණ ගැසුවේ තමන්ගේ පැවැත්ම තීරණය කරනු ලබන දිමුතු සෝමවශට ලියූ ලිපියේ කොපියක් අනුර සතු බව දන්නා නිසාය. ජ.වි.පෙ. අතහැර යන අනුර, ඒ ලිපිය හෙළිදරව් කරනු ලැබුවහොත් ටිං ටිං ට තවදුරටත් ප්‍රධාන ලේකම් ධූරය දරන්නට හැකි වන්නේ නැත. ටිං ටිං ට ප්‍රතිපත්තිමය තීරණයට වඩා නැඹුරු වූයේ ඒ බයට ය. අවසානයේදී, ටිං ටිං ගේ ස්ත්‍රී ලෝලිත්වයේ අසරණකම අනුරගේ උවමනාව ජයගැන්වීමට හේතු විය. සරත් ෆොන්සේකා දිනවීමට ජ.වි.පෙ. කඩේ අරගෙන ගියේ මේ අන්දමට ය.
ජ.වි.පෙ. ඓතිහාසිකව තමන් හඳුන්වා ගනු ලැබුවේ ලංකාවේ නියම “බොල්ෂෙවික් පක්‍ෂය” ලෙසිණි. පැරණි වම ගැන ඔවුන් කලේ නිර්දය විවේචනයක් ය. එහෙත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ එවකට ලේකම් ඩිව් ගුණසේකරවත් ටිං ටිං ගේ ලෙවල් එකට ඇද වැටී සිටියේ නැත. මේ ගැන අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ ඒ හින්දා ය.