January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බාලදක්ෂ ව්‍යාපාරයත් මාලිමා ග්‍රහණයට !

1 min read

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය පාලනය වන පනතට අනුව වගකීම් දරන කොමසාරිස්වරුන්ගේ ඉදිරි වසරේ පත්කිරීම් අලුත් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත අදාල ලියවිලි බාලදක්ෂ සංගමය විසින් නිසි පරිදි යැව් විට ඔහු සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ ස්වාධීනත්වය සහ ගෞරවය කෙළසමින්, එහි ප්‍රධාන තනතුර සඳහා ජාතික ජනබලවේගය ආණ්ඩුවේ දේශපාලන හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු පත් කිරීමයි මේ සම්බන්ධව බාලදක්ෂ ව්‍යාපාරයේ වර්තමාන ක්‍රියාකාරීන් බලවත් අප්‍රසාදය පළකර සිටියි.

ඔවුන් පවසන්නේ වසර හතරක සිය ධූර කාලය තුළ අතිශය සාර්ථක මෙහෙවරක් ඉටුකළ වත්මන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාට සාමාන්‍ය සම්ප්‍රදාය අනුව හිමිවිය යුතු පස්වන වසරේ අවසන් සේවා දිගුව නොදී, ඒ සඳහා කිසිදු හේතුවක් නොදක්වා එම ධූරයට ආණ්ඩුව වෙනුවෙන් උදේ හවස මාධ්‍ය හමු පවත්වන දේශපාලන ක්‍රියාකාරියෙකු වන නීතිඥ ලසන්ත මනෝජ් නානායක්කාර මහතා පත් කර ඇති බවයි.

නීතිඥ මනෝජ් නානායක්කාර කලින් කල විවිධ පක්ෂවල මෙන් මෙවර මාලිමාවේ දේශපාලන වේදිකාවේ සක්‍රීය වුවද, බාලදක්ෂ ව්‍යාපාරය පරිපාලනය පිළිබඳ කිසිදු සක්‍රිය අත්දැකීමක් හෝ පළපුරුද්දක් නැති අයෙකු බවත්, එවැනි අයෙකු පත් කිරීම ව්‍යාපාරයේ අභාවයට හේතු වනු ඇති බවත් බාලදක්ෂ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨයෝ අවධාරණය කරති.

ජනප්‍රිය පුවත්  හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුත්‍රයා අත්අඩංගුවට

“ආයතන දේශපාලනීකරණයෙන් මුදා ගන්නවා” යැයි කියමින් බලයට පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක , නිල බලයෙන් බාලදක්ෂ ව්‍යාපාරයේ ජාතික ප්‍රධානියා ලෙස සිටියදී මෙවැනි අත්තනෝමතික පත්වීමක් සිදු කිරීම බරපතළ ප්‍රතිපත්ති පාවාදීමක් බවද ඔවුන් පෙන්වා දෙයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ වැඩකරන මිනිසුන් එළවා දමා දේශපාලන ගජමිතුරන් ඔසවා තැබීම ජනාධිපතිවරයා පොරොන්දු වූ “නව දේශපාලන සංස්කෘතියට” පටහැනි බවයි.

“බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ දේශපාලන පක්ෂයක ශාඛාවක් නෙවෙයි. මෙතෙක් කාලයක් දේශපාලනයෙන් තොරව රැකගත් මේ ව්‍යාපාරය තුළට පළපුරුද්දක් නැති දේශපාලන හිතවතුන් බලහත්කාරයෙන් රිංගවීම ගැන අපි බරපතළ ලෙස කනගාටු වෙනවා,” යැයි බාලදක්ෂ ව්‍යාපාරයේ ජ්‍යේෂ්ඨයකු අප වෙත පැවසීය. තවදුරටත් ඔවුන් පැවසුවේ ජ්‍යෙෂ්ඨ විශාල පිරිසක් ඔහුට ඉහළින් වර්තමානයේ ක්‍රියාකාරීව සිටියදී ක්‍රියාකාරී බාල දක්ෂ සේවයේ මේ අවස්ථාවේ නියුතුව නොසිටි මොහුට මෙම තනතුරු ජනාධිපතිවරයා ලබා දුන්නත් තමන්ට එහි වගකීම් දැරීමට හැකියාව නොහැකි නම් එය නොගැනීමට ඔහු වගබලා ගත යුතු බවය

විධායක ජනාධිපති ධූරය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159ක් සහ පළාත් පාලන ආයතන බහුතරයක් සහිතව දේශපාලන බලය තිබියදී ස්වාධීන සහ නිකැලැල් සේවයක් සහිත දේශපාලනයෙන් තොර කීර්තිමත් ව්‍යාපාරයකට සිදුකළ මෙම මැදිහත්වීම හෙළාදකින බවද, තවද බාලදක්ෂ කටයුතු වල යෙදෙන දරුවන්ට මින් ලැබෙන ආදර්ශය ඉතාමත් ම පහත් නුසුදුසු එකක් බව ද ඔවුන් පැවසීය

ජනප්‍රිය පුවත්  හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට ඇප!

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x