November 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නගේ අල්ලස් නඩුව නොවැම්බර් 13ට

1 min read

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන තවත් නඩුවක් වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් මස 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(02) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙළ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරිනියගේ මෙහෙයවීම යටතේ නඩුවේ විමර්ශන නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ හරස් ප්‍රශ්න ඇසීම සිදු වුණි.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 13 වනදා දක්වා කල් තැබුණි.

2013 වසරේ මැයි මස 10 වනදා සහ ජුනි මස 6 වනදා අතර කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් අනීතික ලෙස වෙසක් කාඩ් පත් තුන්දහසක් මුද්‍රණය කිරීම තුළින් රජයට රුපියල් 128,520ක පාඩුවක් සිදු කිරීම තුළින් ‘දූෂණය’ නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

ජනප්‍රිය පුවත්  බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x