January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දියාවේ ණය නියම ඇන්දිල්ලක්!

1 min read

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි, ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මෙනන් විසින් ප්‍රකාශයට පත් කළ ඉන්දීය රු. මිලියන 450ක පමණ ණය පැකේජය බරපතළ රැවටීමක් බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දේ.

”දිට්වා” විපත ඇති වූ වහාම ඉන්දීය රජය විසින් ”ආධාර” ලෙස හඳුන්වා දී ශ්‍රී ලංකාවට ගෙන එන ලද යකඩ පාලම් හා වෙනත් එබදු ද්‍රව්‍යයමය සම්පත් වල වටිනාකම හා සහන සේවා ස‍ඳහා පැමිණි එරට හමුදාවන් සඳහා වැය වූ වියදම යනාදිය මෙම ණය මුදල මගින් අය කර ගැනීමට ඉන්දීය රජය කටයුතු කර තිබේ. මෙම යකඩ පාලම් ඉන්දියාවේ ඉදිකර තිබී ප්‍රමිතියෙන් බාල තත්වයේ පැවැති නිසා ඉවත් කරන ලද පාලම් බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

මීට අමතරව, ඉතිරි වී ඇති ණය මුදලින් ද සියල්ල ලබාගත යුතුව ඇත්තේ ඉන්දියාවෙනි. මෙමගින් ශ්‍රී ලංකාව ඉන්දියාව කෙරෙහි පවත්නා ණය ගැති භාවය ඉහළ යන අතරම, ඉන්දියාවේ ඇති බාල නිෂ්පාදන ශ්‍රී ලංකාවට අළවි කර ගැනීමට ද ඉන්දියාවට හැකි වී තිබේ.

ජනප්‍රිය පුවත්  ජනාධිපති නඩු ගැන බියෙන්!

2026 වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය ආයතන සඳහා පමණක් ඇ.ඩො. බිලියන 3කට වැඩි මුදලක් ණය හා පොලී වාරිකය ලෙස ගෙවීමට ‍ශ්‍රී ලංකාවට සිදුව තිබේ. 2028 ආරම්භයේ දී ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගෙන් හා විවිධ රටවලින් ශ්‍රී ලංකාව ගෙන තිබෙන ණය හා පොලී වාරිකය ගෙවීමට නියමිතව තිබේ. යම් හෙයකින් ඇති වූ ආපදා තත්ත්වය හේතු කරගෙන කිසියම් සහනයක් ශ්‍රී ලංකාවට ලැබුණ ද එම රටවලට හා බැඳුම්කර හිමියන්ට ගෙවිය යුතු පොලී වාරිකය පමණක් හෝ ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි පැවසේ.

මහ බැංකු දත්ත වලට අනුව 2025 ඔක්තෝම්බර් අග වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 6216කි. එයින්, වසරකට අඩු කාලයකදී ගෙවිය යුතු SEAP නැමති ණය වර්ගයේ වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 3683කි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නැවත ගෙවිය යුතු ණය ප්‍රමාණය (ඒ තුළ ඇති) ඇමෙරිකන් ඩොලර් මිලියන 1740කි. භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම හරහා විදේශිකයන් සිදුකර ඇති කෙටි කාලීන ආයෝජන ප්‍රමාණයේ වටිනාකම ඇමරිකන් ‍‍ෙඩෙොලර් මිලියන 1000කි. එම බැඳීම්වල සමස්ත එකතුව ඇමරිකන් ඩොලර් මිලියන 6423කි. ඒ අනුව ගත් කළ මෙරට විදේශ වත්කම් සංචිතයේ සැබෑ අගය වන්නේ සෘණ ඇමරිකන් ඩොලර් මිලියන 207 කි. මාස 43ට වඩා වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ණය නොගෙවා සිටිය ද, මේ වන තෙක් එක ඩොලරයක් හෝ සංචිතයට එකතු කරගැනීමට නොහැකි වී තිබෙන බව ඒ අනුව පෙනී යයි. එබඳු තත්ත්වයක් තුළ පවතින විදේශ ණය බර ඉහළ යාම මගින් ශ්‍රී ලංකාව දෙවන වතාවටත් බංකොළොත් වීමේ දැඩි අවධානමකට මුහුණ පා සිටී.

ජනප්‍රිය පුවත්  කොළඹ වරාය පුපුරවයි ද?

මේ අතර පසුගිය දිනවල දිගින් දිගටම සිදු වූ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩාවැටීම නිසා (පසුගිය මාස 15 තුළ) ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 703 කින් අතිරේකව ඉහළ ගොස් තිබේ. 2024 ඔක්තෝබර් මස රුපියල් 298ක් වූ ඩොලරයේ අගය මේ වන විට රුපියල් 312 දක්වා (රු. 19කින්) ඉහළ ගොස් ඇත.

මේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x