September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22 ගැන ජනාධිපති – විපක්‍ෂ නායක එකඟතාවක !

1 min read

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව වාචිකව මත ඵල කිරීමෙන් එහාට ක්‍රියාමාර්ග තේරීමෙන් වැලකීසිටීමට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර තම දූතයකු මගින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසට ඒවා ඇති දැනුම් දීමකට අනුව ය.

අපගේ ආරංචිමාර්ග පවසන පරිදි එම දැනුම්දීම වන්නේ, විපක්‍ෂයේ පක්ෂ එකතු වී 22 ට එරෙහිව මහජනතාව පාරට බස්සන ක්‍රියාමාර්ග නොගෙන සිටීමය. “22 න් ඔයාට ප්‍රශ්නයක් නෑ. 2029 ඔයයි මායි විතරයි ඡන්දෙට තරගකරන්න ඉන්නෙ. ඒ නිසා 22 ඔයාටත් වාසියි. වැඩිය දඟලන්න අවශ්‍ය නෑ” යනු එම පණිවුඩයේ සාමාන්‍ය සරල අදහසයි.

මෙය දැනුම්දීමෙන් පසු, එතෙක් විපක්‍ෂයේ පක්ෂ ඒකාබද්ධව 22 ට එරෙහිව ගැනීමට නියමිතව තිබූ ක්‍රියාමාර්ග කිසිවක් ක්‍රියාත්මක නොවන තත්ත්වයට ඇද වැටී තිබේ. 22 ට එරෙහිව දැවැන්ත පා ගමනක නිරතවීමට මීට පෙර ගෙන තිබූ තීරණය ද ඒ අනුව නතර කර තිබේ.

අපගේ ආරංචිමාර්ග පවසන්නේ, විපක්‍ෂ නායකවරයාගේ බිරිඳට අයත් “සැලොන්” එකක ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් 19 දෙනෙකු සේවයේ යොදවා ගැනීම ඇතුළු නිවාස ඇමති ධූරය දරන ලද සමයේ විපක්‍ෂ නායකවරයාගේ කටයුතුවලට අදාළ පරීක්ෂණ 3 ක් මේ වන විට පූර්ණ වශයෙන් අවසන් කර තිබෙන බවයි.

ජනප්‍රිය පුවත්  ඇමති නලින්ද ඇමරිකාව දන ගස්වයි !

තම දූතයා මගින් ඒ පිළිබඳ තත්ත්වය ද විපක්‍ෂ නායකවරයා වෙත දැනුම්දීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. මෙම නිමා වූ පරීක්ෂණ වල ලිපිගොනු මගින් විපක්‍ෂ නායකවරයාගේ දේශපාලන භාවිතය පාලනය කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකරමින් ඇතැයි පවසන අපගේ ආරංචිමාර්ග 22 ට එරෙහි දේශපාලනය වචනයට පමණක් සීමා වී තිබෙන්නේ ඒ අනුවයැයි පෙන්වා දේ.

මේ අතර, 22 ට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ කරන සැප්තැම්බර් 5 සිට තමන් සතු ජනබලය ප්‍රදර්ශනය කිරීම පිණිස කළුතර හඳපාන්ගොඩ දී සහ බේරුවල දී ජනරැලි දෙකක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබේ. නඩු විභාගයේ දී ඊට සහභාගිවන විනිසුරුවන්ට, මහජන මතය ඇත්තේ 22 ට පක්‍ෂව බව පෙන්වීම මෙම ජනරැලි පැවැත්වීමේ අරමුණ වී තිබේ. එවන් තත්ත්වයක් තුළ විපක්‍ෂය මහජන බලය ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටීම ජනමත විචාරණයකින් තොරව 22 අනුමත කිරීමේ ස්ථාවරයට අධිකරණය පත්කර ගැනීමේ ජනාධිපතිගේ උවමනාවට වාසිදායක වී තිබේ.

  • සුපුන් කල්පගේ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x