November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

කයිය පහන අර්ජුන සහ උවිඳු

1 min read

මේ ඡායාරූපය වීඩියෝ දුරකථන ඇමතුමක දී ගනු ලැබූවකි. මෙහි ඉන්නේ අප කවුරුත් දන්නා කුප්‍රකට අර්ජුන මහෙන්ද්‍රන් ය. කුඩා කොටුවේ සිටින්නේ දුරකථනයේ එක් කෙළවරක සිටින උවිඳු කුරුකුලසූරිය ය. උවිඳු වූ කලී ජනාධිපති අනුරගේ ප්‍රධාන පෙළේ ගජමිතුරු උපදේශකයෙක් ය. අර්ජුන මහෙන්ද්‍රන් වීඩියෝ දුරකථන හරහා සම්බන්ධ වන්නේ උවිඳු සමග ය. උවිඳු මේ ඡයාරූපය ප්‍රසිද්ධ කරනුයේ අර්ජුන මහේන්ද්‍රන්ගේ එකඟතාව ඇතිවය. ඒ අතින් අර්ජුන මහේන්ද්‍රන් බය නැති ”පොරක්’‘ බව පැහැදිළිය.

මහබැංකුව කොල්ලකෑමේ චෝදනාව එල්ල වී තිබෙන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් දැන් ඉන්නේ සිංගප්පූරුවේ ය. වත්මන් ජනාධිපති අනුර කුමාරතුමා ජනාධිපතිවීමට පෙර කියා සිටියේ ලොව කුමන තූත්තුකුඩියේ සිටියත් අර්ජුන මහේන්ද්‍රන් ගෙනැවිත් දඩුවම් කරන බව ය. එහෙත් එවැන්නක් සිදුවන බවක්නම් පෙනෙන්නටවත් නැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ ජනාධිපති අනුරගේ කුළුපඟ මිතුරකු යැයි සැළකෙන උවිඳු කුරුකුලසූරිය සමඟ වීඩියෝ දුරකථන ඇමතුම් හරහා සම්බන්ධ වී තමන් ගෙවන ”ආතල්” ජීවිතය අපට පෙන්වමින් සිටින අර්ජුන මහේන්ද්‍රන්ව දැකබලා ගැනීමට අපට හැකිවීමය. ඒ අතින් අර්ජුන මහෙන්ද්‍රන් ”කෝචොක්” කරන්නේ ජනාධිපති අනුරට ය. එලෙසින්ම අනුර කී දෑ පිළිගත් මිනිසුන්ට ය. ”ඔන්න මම උඹලාගේ ප්‍රසිඩන්ට්ගේ ගජ මිතුරෙක් එක්ක වීඩියෝ කෝල් එකකින් සම්බන්ධ වුණා. පුළුවන්නම් මාව අල්ලන්න කියලා ප්‍රසිඩන්ට කියාපල්ලා” යැයි කියන්නට අර්ජුන මහේන්ද්‍රන් තෝරාගත් ක්‍රමය එය බව ඉතා පැහැදිළිය.

ජනප්‍රිය පුවත්  ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට එරෙහිව කොළඹට ජන ගඟක් !

අර්ජුන මහේන්ද්‍රන් සමඟ හුරතල් වන උවිඳු කුරුකුලසූරිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී හොඳටම ගුටි කන්නේ ජ.වි.පෙ. ශිෂ්‍ය අංශයේ ගෝල බාලයන්ගෙන් ය. අනුර කුමාර ද අයත් වන්නේ එම විශ්ව විද්‍යාල දේශපාලනයට අරක් ගත් ජ.වි.පෙ. ශිෂ්‍ය අංශයට ය. ඒ අනුව ගත් කළ උවිඳු ගුටි කා ඇත්තේ අනුරලා නායකත්ව ය සැපයූ ශිෂ්‍ය ව්‍යාපාරයේ ගති ලක්ෂණ වෙතින් යැයි සිතීම නිවැරදිය.

එසේ ගුටි කෑ උවිඳු දැන් ඒ අනුරලාගේ ඉදිරි පෙළ අන්තේවාසිකයෙකි. ඒ අන්තේවාසිකයා හරහා අර්ජුන මහේන්ද්‍රන් බයිට් එකට ගෙන ඇත්තේ අනුර කුමාරගේ පාලනයයි. උවිඳු කොහොමත් කළු හෝ සුඳු චරිත තමන් දන්නා හඳුනන බව කියා පෑමට ඉමහත් කැමැත්තක් දක්වන්නෙකි. ගමේ ගොඩේ භාෂාවෙන්නම් එවැනි අයට කියන්නේ ”කයිකාරයෝ” කියා ය. උවිඳු මෙන්ම, උවිඳුගේ ජනාධිපති ද මෙගා ප්‍රමාණයේ කයියෙකි. අර්ජුන මහේන්ද්‍රන් මේ ජෝක් එකට ගෙන ඇත්තේ ඒ කයියන්වය. ගහපු කයියේ හැටියට අර්ජුන මහේන්ද්‍රන් සිටිය යුත්තේ වැලිකඩය.! නමුත් ඔහු මේ දුරකථන ඇමතුම ගෙන ඇත්තේ සිංගප්පූරුවේ පිහිටි සිය සුව පහසු නිවසේ සනීපවත් ඇඳ මතට වීය. මේවා දුටු විට කයියට වහ වැටී ඡන්දය දුන් අයගේ ”කයිය පැහුවත්” අප පුදුම විය යුතු නැත! කාගේ කාගෙත් ” කයිය පහන්නේ” මේවා දකින විට ය! අනේ ඉතින් ඒ හැර ඔවුන් වෙන මොනවා නම් කරන්නද?

ජනප්‍රිය පුවත්  සමිදුනි! ඔබ කොහිද?

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x