November 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රජය සිරසට මුදල් දුන් ABU සමුළුවේ Welcome Drink ලක්‍ෂ 45යි.. කොක්ටේල් ලක්‍ෂ 50යි… මේවා කාගේ සල්ලිද?.. – චාමර සම්පත් අසයි..

1 min read

ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) මහා සමුළුව වෙනුවෙන් කිසිදු විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වෙත රජයේ අරමුදල් ලබා දී ඇති බවත්, එම මුදල් පිළිගැනීමේ පාන සහ කොක්ටේල් සාද සඳහා අසීමිතව නාස්ති කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් අදාළ පෞද්ගලික මාධ්‍ය ආයතනය වෙත කැබිනට් පත්‍රිකාවක් හරහා රුපියල් මිලියන 100ක (රුපියල් ලක්ෂ දහසක) පමණ මුදලක් ලබා දී ඇති බවයි.

අදාළ මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“Welcome Drink එකට විතරක් රුපියල් ලක්ෂ 45ක් වියදම් කරලා තියෙනවා. කොක්ටේල් සාදයකට රුපියල් ලක්ෂ 50ක් වැය කරලා. සංචාරක ප්‍රවර්ධනය කියමින් විනෝද චාරිකාවක් යන්න රුපියල් ලක්ෂ 128ක් වෙන් කරගෙන. සියයට තුනක ඡන්දය ගත්තු සාමාන්‍ය මිනිස්සු කොක්ටේල් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. මේවා කාගේ සල්ලිද?”

රජයේ මාධ්‍ය ආයතන වන ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය ජනමාධ්‍ය අමාත්‍යවරයා යටතේ ක්‍රියාත්මක වෙද්දී, කිසිදු විනිවිදභාවයකින් තොරව දින දෙකක් ඇතුළත කැබිනට් පත්‍රිකාවක් දමා මෙලෙස පෞද්ගලික මාධ්‍ය ආයතනයකට මුදල් මුදාහැරීම බරපතළ සැකයකට තුඩුදෙන කරුණක් බව හෙතෙම පෙන්වා දුන්නේය.

ජනප්‍රිය පුවත්  වැස්ස තිබුණත් එල් - නිනෝ නිසා උණුසුම අඩු නොවේ

ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙය රජයේ මුදල් නොවන බව ප්‍රකාශ කළද, රජයේ මුදල් නොවන්නේ නම් ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x