August 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වැස්ස තිබුණත් එල් – නිනෝ නිසා උණුසුම අඩු නොවේ

1 min read

මේ දිනවල වැසි තත්ත්වය පැවැතිය ද එල් – නිනෝ බලපෑම හේතුවෙන් උෂ්ණත්වයේ අඩුවීමක් සිදු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පැවසීය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක ආශ්‍රිතවත් දැනට පවතින වැසි තත්ත්වය අද (30 වැනිදා) යම් පමණකින් වැඩි විය හැකි බවද මෙම වැසි තත්ත්වය අගෝස්තු 03 වැනිදා පමණ වනතෙක් පවතිනු ඇතැයි ද හෙතෙම කීවේය.

තවද එල් – නිනෝ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර ආදී පළාත්වල උෂ්ණත්වයේ වැඩිවීමක් සිදුවී තිබෙන බවත් ඉදිරි අගෝස්තු මාසයේදී එම තත්ත්වය තවත් ඉහළ යාහැකි බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම උෂ්ණත්වය ඉහළ යාම නිසා සාමාන්‍ය කාලයට වඩා වැව් සහ ජලාශ ආදියේ ජලය වාෂ්පීකරණය ඉහළ යන බවද ඔහු පෙන්වා දුන්නේය.

එල් – නිනෝ තත්ත්වය නොවැම්බර් මාසයේදී උපරිමයට පත්වෙනු ඇතැයිද මේ නිසා පැසිෆික් සාගර කලාපයේ සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය දිගු කාලීන සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 3ක පමණ අගයකින් මෙවර ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර කාලගුණික අංශ විසින් පුරෝකථනය කර තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල් කියා සිටියේය.

ජනප්‍රිය පුවත්  ඊශ්‍රායලය විනාශ කරන්න ඉරානයට අවි දෙන්න සූදානම්! උතුරු කොරියානු නායක කිම් ජොන් අන්

මීට පෙර පැවැති අති ප්‍රබල එල් – නිනෝ තත්ත්වයන්වලදී පැසිෆික් සාගර කලාපයේ සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය දිගු කාලීන සාමාන්‍ය අගයට වඩා ඉහළ ගොස් තිබුණේ සියයට දෙකයි දශම අටක (2.8%) පමණ අගයකින් බවද ඔහු පැවසුවේය.

මේ වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශවලට මාස පහ හයකින් පමණ වර්ෂාපතනයක් ලැබී නැති බවත් පළමු අන්තර් මෝසම ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා මාර්තු මාසයේදී වර්ෂාපතනයේ අඩුවීමක් සිදුවූ බවත් ඒ මහතා කීවේය. එනමුත් අප්‍රේල් මාසයේදී යම් වර්ෂාපතනයක් ඇදහැලුනු බවද හෙතෙම සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x