November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බලයට එන්න කලින් කියපු වැට් කැපිල්ල තාම නෑ.. – නාමල් රාජපක්ෂ

1 min read

“බලයට එනකොට නම් කිව්වා පාසල් උපකරණවලට, සෞඛ්‍යට අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා. තාම ඒක කරගන්න බැරිවෙලා” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී ඩී.වී චානක සහ චානක මාදුගොඩ යන මන්ත්‍රීවරු සමග පැවති සාකච්ඡාවක් අතරතුරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

”ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජීවන වියදම පාලනය කරන්න, දරාගත හැකි තැනකට මේ රටේ ජීවන වියදම ගේන්න, පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට යන වියදම යම් ප්‍රමාණයක් අවම කරන්න, ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කරන්න කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් අද වෙනකන් මේ අවුරුදු දෙක හමාරක් ඇතුළේ ක්‍රියාත්මක කරලා නෑ. උද්ධමනය 8%ත් ඉක්මවා තියෙනවා. මේ මාසෙත් මේක වැඩි වෙනවා.

පහුගිය කාලේ ජනාධිපතිතුමා ගිහිල්ලා කිව්වා එතුමාගේ කාල සීමාවේ කිසිම බද්දක් වැඩි කරේ නෑ කියලා. කිසිම බදු ප්‍රමාණයක් අලුතෙන් ගැහුවේ නෑ කිව්වා. බලයට එනකොට නම් කිව්වා පාසල් උපකරණවලට, සෞඛ්‍යට අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා. හැබැයි අයින් කරේ නෑ. අර අහිංසක මිනිස්සුන්ගේ ගිණුම්වලට, පොලියට, වැට් එක දැම්මා. වාහනවල බදු වැඩි කරා. තව IT sector , උපදේශන සේවා, කන්සල්ටන්සිවලට බදු ගැහුවා.”

ජනප්‍රිය පුවත්  ජී.එස්.පී. බදු සහනය අහිමි වෙයිද..?

”පටන් ගත්තේ තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගෙන මහා දැවැන්ත ආර්ථිකයක් හදන්න ඕනේ කියලා. ඒක හදන්න ඕනේ. අපිත් ඒ මතේ ඉන්නවා. හැබැයි මොකක්ද කරේ? IT sector එකේ ආණ්ඩුවෙන් කිසිම සහෝයෝගයක් නැතුව බොහොම අමාරුවෙන් කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ටත් වැට් එක ගැහුවා.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x