November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපි ජනතාවට කිසිම අනවශ්‍ය බද්දක් පනවා නෑ.. පැවැති බදු නිවැරදි කළා පමණයි.. – මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත

1 min read

වත්මන් රජය කිසිසේත්ම ජනතාව මත අනවශ්‍ය ලෙස අමතර බදු බරක් පටවා නොමැති බවත්, මෙතෙක් පැවති බදු ව්‍යුහයේ පැවති අඩුපාඩු හා විෂමතා නිවැරදි කරමින් එය වඩාත් සාධාරණ හා විධිමත් පද්ධතියක් බවට පත් කිරීමට පියවර ගෙන ඇති බවත් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාම මෙන්ම රටේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ප්‍රධානතම මූලාශ්‍රය බදු ආදායම බවයි.

එබැවින් බදු ක්‍රමයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් යුක්ති සහගත බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම රජයේ මූලික අරමුණ බව ඔහු සඳහන් කළේය.

පසුගිය දෙවසරක කාලය තුළ බදු පරිපාලනය විධිමත් කිරීම, කාර්යක්ෂමව බදු අයකර ගැනීම සහ බදු ගෙවීම සඳහා ජනතාව උනන්දු කරවීම වෙනුවෙන් රජය සාධනීය පියවර රැසක් ගත් බව පෙන්වා දුන් ඒ මහතා, එහි සුවිශේෂී ප්‍රතිඵලයක් ලෙස මෙරට බදු පදනම පුළුල් වී 2025 වසර සඳහා අපේක්ෂා කළ ඉලක්කගත ප්‍රමාණයටත් වඩා වැඩි බදු ආදායමක් උපයා ගැනීමට මහා භාණ්ඩාගාරයට හැකි වූ බවද අනාවරණය කළේය.

ජනප්‍රිය පුවත්  කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට

රජය විසින් විවිධ බදු අත්තනෝමතික අන්දමින් ඉහළ නංවා ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඇතැම් පාර්ශ්වයන් ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ක්‍රියාත්මක කර ඇති නව බදු සංශෝධන පිළිබඳව ජනතාව නොමඟ නොයන ලෙස කරුණු පැහැදිලි කරමින් ඉල්ලා සිටියේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x