අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
1 min read
අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැනනැගී ඇති ගැටලු සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සඳහා මැදිහත්වන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියක් මගින් පෙන්වා දෙන්නේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහජනතාවගේ හෝ මහා සංඝරත්නයේ අදහස් විමසීමකින් තොරව සංවර්ධන යෝජනාවලියක් සකස් කර ඒ සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට එරෙහිව අප්‍රසාදය පළ කරන බවයි.
විදේශීය බලපෑම් සහ අතීතයේ සිදුවූ නීති විරෝධී ඉඩම් පැවරීම් උදාහරණ ලෙස පෙන්වා දෙමින්, පූජා නගරයේ ඓතිහාසික හා බෞද්ධ උරුමයන් සුරක්ෂිත වන පරිදි මෙම සැලසුම් ප්‍රතිශෝධනය කළ යුතු බව එම ව්‍යාපාරය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හමුවේ අදාළ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේදී කරුණු 10 කින් සමන්විත යෝජනාවලියක් දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීම, පුරාවිද්‍යාත්මක සමීක්ෂණ වාර්තාවක් ලබාගෙන එය මහජන සාකච්ඡාවට ලක්කිරීම, පූජා භූමිය තුළ පදිංචි ජනතාව ඉවත් නොකිරීම සහ සංචාරක ව්‍යාපාරයට මුල්තැන දෙනවා වෙනුවට ආගමික හා අධ්‍යාත්මික කටයුතුවලට ප්‍රමුඛතාව ලබාදීම එම යෝජනා අතර ප්‍රධාන වේ.
එමෙන්ම බුලන්කුලම වැව් රක්ෂිතයේ ඉඩම් නිවාස ඉදිකිරීමට බෙදාදීමෙන් මතුව ඇති පාරිසරික හා නීතිමය ගැටලුව කෙරෙහිද ක්ෂණික අවධානය යොමුකරන ලෙස එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
අදාළ ලිපිය පහළින්..



