බොරතෙල් මිල පහළට
1 min read
අමෙරිකා එක්සත් ජනපදයේ පැවති මැදවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය ලැබූ දරුණු පසුබෑමට ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සහ ඉහළ ගිය ඉන්ධන මිල හේතු වූ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්‍රකාශ කිරීමත් සමඟ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල 9% කට ආසන්න ප්‍රමාණයකින් ශීඝ්‍රයෙන් කඩා වැටී ඇත.
Oilprice.com අනුව, ගෝලීය මිණුම්දණ්ඩක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 8.94 කින් හෙවත් 8.6% කින් පහත වැටී ඩොලර් 94.66 ක් දක්වා පහත බසිද්දී, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 8.01 කින් (8.3% කින්) පහත වැටී ඩොලර් 88.08 ක් ලෙස සටහන් විය.
