November 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිරුණිකාට එරෙහි නඩුවක් කල් යයි

1 min read

මෑතකදී ජාත්‍යන්තර කාන්තා දිනය දා කුරුදුවත්ත පොලිස් වසම තුළ මංමාවත් අවහිර කරමින් වීදි නාට්‍ය පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ නඩුව ජනවාරි මස 25වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද(02) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම්දුන්නේ මෙම සිද්ධියට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව මෙම නඩුකරය නැවත ජනවාරි මස 25වන දා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින ප්‍රීතිපති උපදෙස් සම්බන්ධ කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් නියම කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x