November 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

2025 වසර අවසානයේදී දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්

1 min read

පසුගිය 2025 වසර අවසානය වන විට මෙරට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ වාර්තා වී ඇති සමස්ත බදු ගෙවීම් පැහැර හැරීම් හෙවත් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1කට ආසන්න බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති නව වාර්තාවක සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව තාක්ෂණික සහාය වාර්තාවක් මගින් මේ බව අනාවරණය කර ඇති අතර එහි සඳහන්ව ඇත්තේ එම මුදලින් රුපියල් ට්‍රිලියන 1.6කට ආසන්න ප්‍රමාණයක් බදු තක්සේරු සම්බන්ධ අභියාචනා හෝ වෙනත් විවාදයන්ට ලක්ව ඇති මුදල් වන බවය.

ඒ අනුව, හිඟ බදු මුදල් අයකර ගැනීමේදී පවතින විශාලතම බාධකය ලෙස අභියාචනා හඳුනාගෙන ඇති බවද මෙමගින් පෙන්වා දී තිබේ.

පසුගිය 2024 වසරේදී වාර්තා වූ සමස්ත බදු ගෙවීම් පැහැර හැරීම් රුපියල් ට්‍රිලියන 1.1කට ආසන්න වී ඇතැයිද ඉන් රුපියල් බිලියන 947කට ආසන්න මුදලක් එවැනි විවාදයන්ට ලක්ව තිබූ බවද අදාළ වාර්තාව මගින් අනාවරණය කර ඇත.

විවාදයට ලක් නොවූ බදු හිඟයන් පවා දිගුකාලීනව පවතින බවත්, ඒ සඳහා කාර්ය මණ්ඩල හිඟය, නිසි ප්‍රමුඛතා නොදීම සහ අයකරගත හැකි බදු හිඟයන් හා අයකර ගැනීම අඩු සම්භාවිතාවක් ඇති හෝ පරිපාලන වියදමට සාපේක්ෂව අයකර ගැනීම, ප්‍රායෝගික නොවන බදු හිඟයන් වෙන්කර හඳුනාගැනීමට අවශ්‍ය අවදානම් පදනම් කරගත් ක්‍රමවේදයක් නොමැතිවීම බලපා ඇති බවද වාර්තාව පෙන්වා දී තිබේ.

ජනප්‍රිය පුවත්  හරක් කටාගේ සිද්ධියට පටලවා තවත් තොගයක් අත් අඩංගුවට !

දේශීය ආදායම් පනත සහ එකතු කළ අගය මත බදු පනත යටතේ අයකරගත නොහැකි බදු ණය සෘජුවම කපා හැරීමේ බලය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොමැති අතර, ඒ සඳහා මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම අවශ්‍ය බවද වාර්තාවේ දැක්වේ.

එමෙන්ම වසර පහකට වැඩි කාලයක් පවතින ඇතැම් බදු හිඟයන් සම්බන්ධයෙන්, ඒවා අභියාචනා හෝ වෙනත් විවාදවලට ලක්ව නොමැති අවස්ථාවල පවා අයකර ගැනීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරීක්ෂණය කර තිබේ.

මේ හේතුවෙන් බදු හිඟයන් පවතින කාලය, ඒවා අභියාචනා හෝ වෙනත් විවාදවලට ලක්ව තිබේද යන්න, අයකරගැනීමේ හැකියාව සහ අයකර ගැනීමට වැයවන පරිපාලන වියදම අනුව වර්ගීකරණය කර, අවදානම් පදනම් කරගත් බදු හිඟ කළමනාකරණ ක්‍රමයක් හඳුන්වාදිය යුතු බවද අදාළ වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

එමඟින් අයකරගත හැකි බදු හිඟයන්ට වැඩි ප්‍රමුඛතාවක් ලබාදී, අඩු වටිනාකමක් ඇති, විවාදයට ලක්ව ඇති, අයකර ගැනීමේ සම්භාවිතාව අඩු හෝ පරිපාලන වශයෙන් අයකර ගැනීම ප්‍රායෝගික නොවන බදු හිඟයන් වෙන වෙනම කළමනාකරණය කිරීමට හැකිවන බව වාර්තාව පෙන්වා දෙයි.

  • උදුල විජේමුණි
ජනප්‍රිය පුවත්  තවත් IMF වැඩසටහනකට යනවා.. මේ දිනවල එය සාකච්චා කරනවා.. අපි දෙගොල්ලන්ගෙ ලොකු වෙනසක් නෑ.. - ජනාධිපති
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x