November 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාස 9ක් තුළ ඉන්ධන ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 4,400 ඉක්මවයි

1 min read

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 09ක කාලය තුළ ඉන්ධන ආනයනය සඳහා මෙරට අමෙරිකානු ඩොලර් මිලියන 4,400 ඉක්මවා වැය කර තිබේ.

ඒ අනුව වසරේ මාස 09ක කාලය තුළ ඉන්ධන ආනයනය සඳහා මෙරට විසින් වැය කර ඇති සමස්ත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 4,487.2කි.

එය පසුගිය වසරේ එම කාලය හා සංසන්ධනය කිරීමේදී 51.5%කින් වැඩිවීමක් බවද සඳහන් වේ.

පසුගිය 2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා මාස 09ක කාලය තුළ ඉන්ධන ආනයනය සඳහා මෙරට අමෙරිකානු ඩොලර් 2,961.3ක් වැය කර තිබේ.

ඒ අනුව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ ඉන්ධන ආනයනය සඳහා අමතරව වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1,525.9කි.

මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ ඉන්ධන ආනයනයට වැය කර ඇති මුදල පසුගිය 2025 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සුළු අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්ධන ආනයනය සඳහා මෙරට වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 440.7ක් වන අතර මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්ධන ආනයනය සඳහා වැය කර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 415.1කි.

ජනප්‍රිය පුවත්  ගෝඨාභයගේ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග

ඒ අනුව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 25.6ක සුළු අඩුවීමක් මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්ධන ආනයනය සඳහා වැය කර ඇති අතර එය -5.8%ක් ලෙසටද සටහන් වේ.

මේ අතර 2026 වර්ෂයේ පළමු කාර්තුව අවසානයේ දී මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් හේතුවෙන් දේශීය ඉන්ධන මිල ගණන් ඉහළ යාම පෙන්නුම් කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙහි 2025 වර්ෂයේ පළමු මාස 6 තුළ වාර්තා වූ රුපියල් බිලියන 410.7ට සාපේක්ෂව ශුද්ධ විකුණුම් ආදායම 2026 වසරේදී ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙම වසරේ පළමු මාස 6 තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ශුද්ධ විකුණුම් ආදායම රුපියල් බිලියන 576.6ක් දක්වා 40.4%කින් ඉහළ ගොස් ඇත.

මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඛනිජ තෙල් ප්‍රවාහනයට සීමා පැනවීම ඇතුළුව ගෝලීය බලශක්ති සැපයුම් දාමයන්ට සැලකිය යුතු බාධා එල්ල වී ඇති අතර ගෝලීය බොරතෙල් හා ඛණිජ තෙල් මිල ගණන් මෙන්ම නැව් ගාස්තු සහ රක්ෂණ විදයම්ද අසාමාන්‍ය ලෙස වර්ධනය වීමට මෙය හේතු වී තිබේ.

ජනප්‍රිය පුවත්  දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයක !
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x