October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්‍යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. – රංජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්

1 min read

කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් 2027 නව විසර්ජන පනත් කෙටුම්පත සහ රජයේ අපේක්ෂිත වියදම් සම්බන්ධයෙන් දැඩි කරුණු හෙළිදරව් කිරීමක් සිදු කරන ලදී.

ඒ අනුව ඉදිරිපත් කර ඇති නව විසර්ජන පනත් කෙටුම්පට අනුව ජනාධිපති කාර්යාලය සඳහා රුපියල් බිලියන 11.2ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බවත්, එම මුදල වසරේ දින 365න් බෙදූ විට දිනකට දරන වියදම රුපියල් ලක්ෂ 307ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජයේ නව අයවැය ඇස්තමේන්තු සංඛ්‍යාලේඛන විග්‍රහ කරමින් ඔහු සඳහන් කළේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 9,920ක් ලෙස ගණන් බලා ඇති බවයි. ඉන් රුපියල් බිලියන 4,820ක මුදලක් හෙවත් සමස්ත රාජ්‍ය වියදමෙන් සියයට 49ක්ම වැය වන්නේ ලබාගෙන ඇති ණය සහ ඊට අදාළ පොලී වාරික පියවීම වෙනුවෙන් පමණක් බව ඔහු සඳහන් කළේය.

තවද, රටේ සමස්ත මුළු වියදමින් සියයට 26.6ක ප්‍රමාණයක් සෘජුවම ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති බවද ඔහු අනාවරණය කළේය.

ජනප්‍රිය පුවත්  පළමු මාස 04ට, වාහන ආනයන ඩොලර් බිලියනය පනී..

ඒ යටතේ මුදල් අමාත්‍යාංශයට රුපියල් බිලියන 858ක්ද, ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 458ක්ද, ඩිජිටල් අමාත්‍යාංශයට රුපියල් බිලියන 17ක්ද සහ ජනාධිපති කාර්යාලයට රුපියල් බිලියන 11.2ක්ද වශයෙන් වෙන් කර ඇති බවත් ඔහු පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ සිටියදී පසුගිය පාලකයන්ගේ බිලියන 2.6ක් වූ කාර්යාල වියදම් පැය සහ මිනිත්තු ගණනින් ගණනය කරමින් වේදිකා දෙවනත් කර බලය ලබාගත් අයුරු සිහිපත් කළ ඒ මහතා, එදා එම වියදම් මුළුමනින්ම ප්‍රෝඩාවක් සහ නාස්තියක් ලෙස හෙළාදුටු නායකයන් අද බලයට පත්වී එම වියදම මෙන් පස්-හය ගුණයකින් වැඩි කරගෙන ඇති බවට දැඩි චෝදනාවක් එල්ල කළේය.

මෙම අත්තනෝමතික ක්‍රියා සහ වියදම් විවේචනය කරන සියලු පාර්ශ්වයන් ‘සංවිධානාත්මක අපරාධකරුවන්’ සහ ‘ත්‍රස්තවාදීන්’ ලෙස හංවඩු ගැසීමට පාලනාධිකාරිය උත්සාහ දරන බවද රජිත කීර්ති තෙන්නකෝන් මහතා මෙහිදී චෝදනා කළේය.

රාජ්‍ය නොවන සංවිධාන මර්දනය කරමින් සහ ජනතාව අතරට සත්‍ය තොරතුරු ගලායෑම අවහිර කරමින් මර්දනකාරී නීති ගෙන ඒමට රජය සැරසෙන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම උදෙසා මෙවැනි පාලනයන් පරාජය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  ගලි බවුසර් 100ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x