ගලි බවුසර් 100ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය
1 min read
රජයේ සංවර්ධන ව්‍යාපෘති සහ ක්ෂේත්‍ර කටයුතු වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය උපයෝගිතා වාහන 535ක් කඩිනමින් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
සංවර්ධන කටයුතුවලට තිබූ බාධා ඉවතටරජයේ විවිධ ආයතන සතුව පවතින උපයෝගිතා වාහන හිඟය හේතුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති නියමිත පරිදි ක්‍රියාත්මක කිරීමට දැඩි බාධාවක් වී ඇති බව රජය හඳුනාගෙන තිබේ.
මෙම තත්ත්වයට පිළියමක් ලෙස අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව මිල දී ගැනීමට නියමිත උපයෝගිතා වාහන සහ යන්ත්‍රෝපකරණ කාණ්ඩ මෙසේය:
වාහන / යන්ත්‍රෝපකරණ වර්ගය සංඛ්‍යාව
ට්‍රැක්ටර් රථ 175
ටිපර් රථ 160
ගලි බවුසර් 100
බැකෝ යන්ත්‍ර (Backhoe Loaders) 100
මුළු එකතුව 535

