October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කථානායකට එරෙහි විශ්වාසභංගය කථානායකවරයා විසින්ම ඉවත් කිරීමට පියවර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කළ බරපතළ ප්‍රහාරයක්.. – විපක්ෂයෙන් විශේෂ නිවේදනයක්

1 min read

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එල්ල වී ඇති පෞද්ගලික විෂමාචාර චෝදනා මත විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව, චෝදනාවට ලක් වූ කථානායකවරයා විසින්ම මුලසුන දරන ලද කාරක සභා රැස්වීමකදී විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කළ බරපතළ පහරක් බව සමගි ජන බලවේගය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය විසින් අද (27) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කථානායකවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු එම ධූරයේ අඛණ්ඩව කටයුතු කිරීම සදාචාර සම්පන්න නොවන බවත්, එම පරීක්ෂණ කාලය තුළ ඔහු ධූරයෙන් ඉවත් විය යුතු බවත් විපක්ෂයේ ස්ථාවරය වී තිබේ.

මෙම විශ්වාසභංග යෝජනාව ඔක්තෝබර් 09 දින පාර්ලිමේන්තුවට භාරදී 12 දින න්‍යාය පුස්තකයට ඇතුළත් කළ ද, පසුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීම්වලදී නීතිපති උපදෙස් ලබාගැනීම මගහරිමින්, විපක්ෂයට අවශ්‍ය පරිදි චෝදනා සංශෝධනය කරන ලෙස බලපෑම් කර ඇති බව නිවේදනයේ සඳහන්.

චෝදනාවට ලක් වූ පුද්ගලයා විසින්ම තමාට එරෙහි චෝදනා විවාද කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම තීන්දු ගෙන ඇති බව පවසන විපක්ෂය, ආණ්ඩුව කැමති අන්දමට චෝදනා සංශෝධනය කිරීමට හෝ ඉවත් කිරීමට කිසිසේත් සූදානම් නැති බව අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  පෙරෙට්ටන්ටත් පල දේ!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x