October 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උ/පෙළ කල් නොදමන තීන්දුවෙන් සිසුන් 135කට ජීවිත එපාවෙලා

1 min read

මේ වසරේ උසස් පෙළ විභාගය කල් නොදමන බවට අධිකරණ තීන්දුව ලබාදීමෙන් පසු සිසුන් එකසිය තිස්පස් දෙනකු විනාඩි තිහක කාලයක් ඇතුළත ජීවිත අවදානමක් ඇති බව පවසමින්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට දුරකථන ඇමතුම් ලබාදී උපදෙස් ඉල්ලා තිබේ.

මෙම සිසුන් 0755551926 දුරකථන මාර්ගයේ වට්ස්ඇප් මගින් සම්බන්ධ වී උසස් පෙළ විභාගයේ අධ්‍යයන කටයුතු සමග තමන් මුහුණ දී ඇති ආතතිය පිළිබඳ තොරතුරු හෙළිකර ඇත. ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ මනෝ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය, උපදේශකවරුන් මෙම ළමයින්ට අවශ්‍ය උපදෙස් ලබාදී දෙමව්පියන්ද දැනුවත් කර එම සිසුන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදේශන ලබාදීමට පියවරගෙන ඇත.

ළමයින් අධික ලෙස විභාගවලට පාඩම් කිරීම සහ අධික ලෙස බලාපොරොත්තු තබා ගැනීම මෙන්ම, අධ්‍යයන කටයුතු කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමේ තත්ත්වය මත මෙවැනි තීරණ ගැනීමට පෙලඹෙන බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ මනෝ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ ‘සති අග අරුණ’ ට ප්‍රකාශ කළාය.

ළමයින්ගේ අධ්‍යයන කටයුතු සම්බන්ධව දෙමව්පියන් වඩා සැලකිලිමත් විය යුතු බවද ඇය අවධාරණය කර සිටියාය.

ජනප්‍රිය පුවත්  දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි

යම් ශිෂ්‍යයකුට කුමන හෝ ගැටලුවක් ඇත්නම් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ, 1926 දුරකථන අංකයට හෝ 0755551926 අංකයට වට්ස්ඇප් මගින් දැනුම් දීමක් කරන ලෙස එම විද්‍යාතනය ඉල්ලා සිටියි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x