October 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාර්තුවේ සිට රියැදුරු අකුසලතා ලකුණු අකුරටම

1 min read

මේ වන විට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක රියැදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය (Demerit Points System) එළැඹෙන වසරේ මාර්තු මස සිට දැඩි ලෙස ක්‍රියාත්මක වන බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) අවන්ති සේනාරත්න පැවසුවාය.

මෙම නියමු ව්‍යාපෘතිය පසුගිය ඔක්තෝබර් මස 01 වැනි දින සිට ආරම්භ කෙරුණු අතර මේ යටතේ නොවැම්බර් මස සිට රථවාහන වැරැදි සඳහා දඩ මුදල් ගෙවීමේදී රියැදුරුගේ වරදට අදාළව ලැබී ඇති ලකුණු ප්‍රමාණය පිළිබඳ ඔවුන් දැනුවත් කරන බව ඇය පැවසුවාය.

මේ යටතේ රියැදුරන්ට වසර දෙකක කාලයක් සඳහා නිශ්චිත ලකුණු සීමාවක් හිමිවන අතර, රථවාහන නීති උල්ලංඝනය කරන අවස්ථාවලදී අකුසලතා ලකුණු එකතු වේ.

ඒ අනුව අපරික්ෂාකාරී හා අනතුරුදායක රිය පැදවීම, නීති විරෝධීව එකලස් කරන ලද වාහන භාවිතය, නියමිත වේග සීමා ඉක්මවා රිය ධාවනය, රිය අනතුරක් වළක්වා ගැනීමට අපොහොසත් වීම, නියමිත ප්‍රමිතියට වැඩි විමෝචන සහිත මෝටර් රථ පැදවීම, ආරක්ෂිත හිස්වැසුම් නොපැලඳීම මෙන්ම සංඥා ලකුණු කඩ කිරීම යන වැරැදි සඳහා ලකුණු 10, 8, 6, 5 ලෙස ලකුණු ලැබීම සිදුවේ.

ජනප්‍රිය පුවත්  උද්ධමනය ඉහළට!

මෙලෙස යම් රියැදුරකු රැස්කර ගන්නා අකුසලතා ලකුණු ප්‍රමාණය 30 ඉක්මවා ගියහොත්, ඔහුගේ රියැදුරු බලපත්‍රය වසරක පමණ කාලයක් අවලංගුවේ. එමෙන්ම අතිරේක ලේකම්වරිය පැවසූයේ මෙලෙස රියැදුරු බලපත්‍ර අවලංගු වන රියැදුරන් හට රිය පැදවීමේ විනය සැකසීම සඳහා පාඨමාලා කිහිපයක් හඳුන්වා දෙන බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x