October 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නැවත මැතිවරණයකට යාමට පෙර රජය දුන් පොරොන්දු ඉටු කරනවා – මංජුල සුරවීරආරච්චි

1 min read

නැවත මේ රටේ මැතිවරණයකට යෑමට ප්‍රථම රජය බලයට පැමිණීමට ප්‍රථම ලබා දුන් සියලුම පොරොන්දු ඉටු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි පැවසිය.

මංජුල සුරවීරආරච්චි මහතා ඒ බැව් බව අද (17) කියා සිටියේ ගිනිගත්හේන ප්‍ර දේශයේ පැවති උත්සවයකදීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල සුරවීරආරච්චි කියා සිටියේ,

”පවතින යුද්ධයත් සමග මෙඑටට පැමිණෙමින් තිබූ තාර නැව් 30ක් පමණ යුද්ධයෙන් විනාශ වී ඇති

බවයි.කෙසේ වෙතත්, දැනට තිබෙන තාර කලමණාකරණය කර ගනිමින් මාර්ග සංවර්ධනය අඛණ්ඩව සිදු කරන බවද මංජුල සුරවීරආරච්චි පැවසීය.2024 වසරේ තම රජය බලයට පැමිණීමට ප්‍රථම මධ්‍යම පළාතේම සංවර්ධනයට රු.මිලියන 5000 ක මුදලක් එවකට රජය මගින් ලබා දුන් බවත්, පසුව වත්මන් රජය රු.මිලියන 13500ක් ලබා දුන් බවත්, 2026 වසර වෙනුවෙන් මේ වන විට රු.මිලියන 55000ක් දක්වා වැඩි කර ඇති බවයි. මධ්‍යම පළාත තුල පළාත් පාලන ආයතන බලය කාට හිමි වූවත්, අවංකව කටයුතු කරන සෑම පළාත් පාලන ආයතනයකම පක්ෂ භේදයකින් තොරව ප්‍රතිපාදන ලබා දෙමින් සංවර්ධන කටයුතු කරන බවයි මංජුල සුරවීරආරච්චි කියා සිටියේ.”

ජනප්‍රිය පුවත්  රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x