October 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුව ඉරාන නැව් ගැන ක්‍රියාකරන ආකාරයට, ශ්‍රී ලංකාව විදේශ නොබැඳි ප්‍රතිපත්තිය අත්හැරලාදැයි සැකයි.. – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් නිවේදනයක්..

1 min read

වර්තමාන ආණ්ඩුව ඉරාන නැව් සම්බන්ධව ක්‍රියා කරන ආකාරය අනුව ශ්‍රී ලංකාවේ වසර 70ක් පැරණි නොබැඳි විදේශ ප්‍රතිපත්ති ඉතිහාසය අත්හැර දමා ඇත්ද යන්න පිළිබඳව මෙහිදී ප්‍රශ්නයක් මතු වන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනය කර සිටී.

ආහාර, ඉන්ධන සහ පානීය ජලය හිඟවී පීඩා විඳිමින් ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් අතරමං වී ඇති ඉරාන තෙල් ටැංකි නෞකා (19-20ක් පමණ) වෙත අත්‍යවශ්‍ය ආහාර සහ ජලය සැපයීම වැළැක්වීමට ඇමෙරිකා එක්සත් ජනපදය දරන උත්සාහය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තරයේ හෙළා දකින බවත් ඇමෙරිකානු රජයේ මෙම අපරාධකාරී ක්‍රියාකලාපයට මුහුණ දෙන ලෙසත්, ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ තම වගකීම ඉටු කරන ලෙසත් කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ජී. වීරසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“මෙම නෞකා වෙත සැපයුම් ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන බවට ඇමෙරිකානු නිලධාරීන් තර්ජනය කළ බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත, 2026 සැප්තැම්බර් 30 වැනිදා වාර්තා කළේය.

ජනප්‍රිය පුවත්  BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ, වෙරළේ සිට කිලෝමීටර් 24ක් පමණ දුරින් අතරමං වී ඇති මෙම නෞකා දැනටමත් තම භාණ්ඩ ගොඩබා අවසන් කර ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් එම රටට එරෙහිව ගෙන යන නීති විරෝධී යුද්ධය හේතුවෙන් ඒවාට නැවත ඉරානය බලා යෑමට නොහැකි වී තිබේ.

ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් අතරමං වී ඇති ඉරානයට සම්බන්ධ නෞකා වැනි ඇමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති නෞකා වෙත ඉන්ධන, ආහාර හෝ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ඒකපාර්ශ්වික සහ ද්විතීයික සම්බාධක ජාත්‍යන්තර නීතිය, ස්වෛරී සමානාත්මතාවය සහ අන් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය උල්ලංඝනය කරයි. මෙවැනි වැඩමුළුවක් සඳහා රජයේ නිලධාරීන් සම්බන්ධ වීම පවා මතභේදාත්මක ය.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x