සමාජ මාධ්‍ය “මොල සේදීම” බෘනෝ යටතට
1 min read
සමාජ මාධ්‍ය තුළ ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ ප්‍රතිරූපය බරපතල බිඳ වැටීමකට ලක්ව තිබෙන බැවින්, මෙතෙක් එම සමාජ මාධ්‍ය මෙහෙයුම සිදුකළ ජ.වි.පෙ. පැලවත්තෙන් තීරණය කරන ලද කණ්ඩායම ඉවත් කර, එම කාර්යය බෘනෝ දිවාකර නැමැති ඩිජිටල් මාධ්‍ය ව්‍යවසායකයාට බාරදීමට ජනාධිපති අනුර කුමාර තීරණය කර තිබේ.
මාස 6 ක කාලයක් සඳහා බෘනෝ දිවාකර යටතට එම සමාජ මාධ්‍ය මෙහෙයුම පත්කර, එහි සාර්ථක අසාර්ථකභාවය මත එතැනින් ඉදිරිය තීරණය කිරීමට නියමිතව තිබේ.
අපගේ පැලවත්ත ආරංචිමාර්ග පවසන පරිදි, මෙම මාස 6 ක සමාජ මාධ්‍ය මෙහෙයුම සඳහා රු. මිලියන 250 ක මුදලක් බෘනෝ දිවාකරට ලබාදීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ. එම මුදල බෘනෝ දිවාකර වෙත ලබාදීම පවරා ඇත්තේ බස්නාහිර ආණ්ඩුකාර, ජනාධිපති උපදේශක හනීෆ් යූසුෆ් වෙතය.
මීට පෙර, එම සමාජ මාධ්‍ය මෙහෙයුම දියත් කළ පිරිස, පක්ෂයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදවනු ලැබ තිබේ. අපගේ ආරංචිමාර්ග පවසන පරිදි, බෘනෝ දිවාකර දැනටමත්, සැලකිය යුතු පරිශීලකයන් සහිත සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක් මෙම කාර්යය සඳහා යොදා ගැනීම පිණිස මිලදී ගෙන තිබේ.
බෘනෝ දිවාකර සහ ඔහු සතු SL VLOG මාධ්‍ය ජාලය, ඇමරිකානු එක්සත් ජනපද ජාත්‍යන්තර නියෝජිතායතනය (USAID Sri Lanka) මගින් අරමුදල් සපයන “මාධ්‍ය සංවර්ධන” වැඩසටහන් සමග සෘජුව සම්බන්ධය. USAID Sri Lanka මූල්‍ය දායකත්වයෙන් සහ IREX (International Reserch & Exchanges Board) නැමැති ජාත්‍යන්තර සංවිධානය මගින් සංවිධානය කරන ලද MEND (Media Empowerment For a Dimocratics Sri Lanka) ව්‍යාපෘතිය සමග ද බෘනෝ දිවාකර හා SL VLOG නාලිකාව සම්බන්ධය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමේ ක්‍රියාදාමයට මෙම ඇමරිකානු ආධාර යටතේ ක්‍රියාත්මක ඩිජිටල් මාධ්‍ය මෙහෙයුම ප්‍රබලව ක්‍රියාත්මක විය.
බෘනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ 2023 මැයි මාසයේ දීය. එහිදී SL VLOG නාලිකාවට විදේශීය ආයතනවලින් (USAID/IREX ඇතුළුව) ලැබුණු අරමුදල් සහ වත්කම්වල විනිවිදභාවය පිළිබඳව දීර්ඝ වශයෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් විමර්ශන සිදු කරන ලදී. නතාෂා එදිරිසූරියගේ සිදුහත් කුමරුන්ට අපහාස කරන ලද ප්‍රකාශය ද ප්‍රචාරය කලේ බෘනෝ දිවාකරට අයත් SL VLOG හරහා ය.
- සාලිය දික්කුඹුර
