September 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උන්ගෙ දේශප්‍රේමය හා අපේ දේශප්‍රේමය

1 min read

ලංකාවේ සිංහල බෞද්ධ හුදී ජනයාගේ, විශේෂයෙන්ම සාමාන්‍ය පාන්තික තරුණයාගේ දේශප්‍රේමීත්වය මම හඳුන්වන්නේ ‘සෝඩා බෝතල් දේශප්‍රේමීත්වය’ කියලා.

ඒ කට්ටියගේ දේශප්‍රේමීත්වය සෝඩා බෝතලේ කැඩුවා වගේ. රැල්ල එනවා. ක්ෂණිකව බැහැලා යනවා.

අත්වෙන කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒ වගේම දිගුකාලීන නැහැ. තවත් ඕනෑම මොහොතක ඔවුන් ඒ රැල්ලට විරුද්ධවම තවත් රැල්ලක කොටසක් වෙන්නත් පුළුවන්.

ඔවුන් කිසිසේත්ම ඇත්ත දේශප්‍රේමියොත් නෙවෙයි.

පාස්කු ප්‍රහාරය ආපු වෙලාවේ ඔවුන් ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ඉල්ලුවා.

සාෆි දොස්තරට එලවා එලවා පහර දුන්නා.

බඩගිනි වෙලා, තෙල් පෝළිම් හැදෙද්දි ඔවුන්‍ට ජාතිවාදය වහකදුරු වුණා. සාෆි වීරයෙක් වුණා.

පාස්කු ප්‍රහාරය ඔවුන්ට තෙල්, ගෑස් අහිමි කළා කියලා ඔවුන් හිතන ගෝඨාභය පිට දැම්මා.

ඥානසාර හාමුදුරුවන්ගේ ජනාධිපති සමාව අහෝසි කරද්දිත් ඔවුන් හුරේ දානවා.

කොටි බෝම්බ ගහද්දී යුද්ධය ඉවර කරලා දෙන්න කියලා ඔවුන් මහින්ද රාජපක්ෂට වැන්දා.

රණවිරුවන්ට මල් මාලා දැම්මා.

යුද්ධය ඉවර වෙලා ටික කාලයක් ගිහින් කරන්නාගොඩ උසාවි ගෙනියද්දිත් ඔවුන් හුරේ දානවා.

ඒ තමයි සෝඩා බෝතල් දේශප්‍රේමීත්වය.

එතන සැලසුමක්, බුද්ධිමය ධාරිතාවයක්, සංවිධානයක් නැහැ.

ජනප්‍රිය පුවත්  මාලිමා කලාකරුවාගේ පවුම් වංචාව!

සෝඩා බෝතල් දේශප්‍රේමීත්වයේ මොලයක්, හදවතක් හෝ ආත්මයක් නැහැ.

සෙසු ජාතීන්ගේ දේශප්‍රේමීත්වය එහෙම නෙවෙයි.

යුදෙව්වන්ගේ දේශප්‍රේමීත්වය ස්ථිරයි. හෙට නෙතන්යාහුගේ ආණ්ඩුව පෙරලුනත්, නෙතන්යාහු යුද අපරාධයකට හෝ වෙනත් කිසිම දෙයකට හිරේ යන්නේ නැහැ.

කුමන අපරාධය කළත් IDF කිසිඳු සොල්දාදුවෙක් හිරගෙදරක, උසාවියක පස් පාගන්නේ නැහැ.

යුදෙව්වන්ගේ දේශප්‍රේමීත්වයට මොලයක් තිබෙනවා.

ඉන්දියානුවන්ගේ දේශප්‍රේමීත්වය ස්ථිරයි. ඔවුන් බඩගිනි වුණාට පාකිස්තානුවන් එක්ක යාලු වෙන්නෙ නැහැ.

ඔවුන්ගේ දේශප්‍රේමීත්වයට හදවතක් තිබෙනවා.

මුස්ලිම් ප්‍රජාවගේ ජාතිකවත්වය ස්ථිරයි.

ඔවුන් ලෝකයම අල්ලන සැලසුමක ඉන්නවා. ඔවුන්ගේ ජාතිකත්වයට ආත්මයක් තිබෙනවා.

නමුත් සිංහල සෝඩා බෝතල් දේශප්‍රේමීත්වයට මොලයක් නැහැ.

හදවතක් හෝ ආත්මයක් හෝ නැහැ.

මේ සෝඩා බෝතල් දේශප්‍රේමීත්වය හොඳටම බලාගන්න පුළුවන් තැනක් තමයි අර කැනඩාවේ දමිල ගෑණු ළමයෙකුගේ චිත්‍රපටයකට නැගෙන සිංහල තරුණයන්ගේ විරෝධය.

දැන් ඇයගේ සෝෂල් මීඩියා අකවුන්ට්ස් වලට ගිහින් ‘HAHA’ දැම්මා කියලා ඊලාම් මතවාදය බිදෙනවද ?

ඇයගේ චිත්‍රපටයට IMDB 1 තරුවක් දුන්නා කියලා, ඇයට රිදෙනවද ?

නැහැ. එතන දී හුදෙක් ඇයගේ මතය නිවැරදි බව ලෝකයට පෙනෙනවා පමණයි.

එමෙන්ම NETFLIX ආයතනයට පහසුවෙන්ම මෙය ‘සංවිධානාත්මක’ වැඩක් බව පෙන්වා අවශ්‍ය නම් IMDB ශ්‍රේණිගත කිරීම් ඉවත්කරගත හැකියි. (ඔවුන් ඒ තරම්වත් ඔය ශ්‍රේණිගත කිරීම් සලකන එකක් නැහැ)

ජනප්‍රිය පුවත්  වෙල්ලෙයිමුල්ලිවයික්කාල් කැඳ ! සරසවි සිසුන්, මල්වානේ සිට යාපනය දක්වා !

මේ කැනඩාවේ ඉන්න නිළියක් තමන් තමිල් ඊලාම් රටේ කිව්වාය කියලා ලංකාවට සිදුවන මහා හානියක් නැහැ.

නමුත් මේ මොහොතේත් උතුරු නැගෙනහිර බෞද්ධ විහාරස්ථාන ඩෝසර් කරමින් තිබෙනවා.

ත්‍රිකුණාමලයේ පන්සල් වල ඉඩම් රාජ්‍ය අනුග්‍රහයෙන් පැහැර ගනිමින් තිබෙනවා.

හිටපු සන්නද්ධ ත්‍රස්තයෙක් වන දිලීපන්ගේ පිළිරු උතුරේ හැදෙනවා.

ඒවායෙන් ඇත්තටම ඊලාම් මතවාදය ප්‍රවර්ධනය වෙනවා. බෙදුම්වාදය පැතිරෙනවා.

නමුත් ලාංකික සිංහල තරුණයා ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙනවාද ?

නැහැ!

සැබෑ ලෙසටම මැදිහත්වීමක් අවශ්‍ය, සහ හානිදායක ක්‍රියා සඳහා ඔවුන්ගේ කිසිඳු මැදිහත්වීමක් නැහැ.

නමුත් හුදෙක් ඇය තරුණියක් නිසාත්, නෙට්ෆ්ලික්ස් චිත්‍රපටයක සිටින නිසාත්, ඊනියා රැලි විරෝධයක් පෙන්වනවා.

යම් දිනයක නැවත ශ්‍රී ලාංකිකයන්ට බඩගිනි වන දිනයක, ඔය තරුණියම ඩොලර් දහසකින් හෝ ලංකාවට ආධාර කළහොත්, ඇය වර්ණනා කිරීමට මේ සමාජය පැකිලෙන්නේ නැහැ.

එබැවින් ඒ තරුණිය අත්හැර, ඔවුන්ට සුපුරුදු ලෙසටම කේ.කේ සමන් කුමාර දුටුගැමුණු රජතුමා සමරිසි යැයි කියන වීඩියෝවක් නරඹා, පාස්කු ප්‍රහාරය සිංහල බෞද්ධයන් කළා යැයි කියන මෝඩ තරිඳුගේ පොතක් කියවා නින්දට යන්නැයි මා යෝජනා කරනවා.

  • Sachin Rathwatte
ජනප්‍රිය පුවත්  ඉන්දියාවේ බෙහෙත් හදන්න සූදානම් වන හැටි මෙන්න!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x