“ඇමති කියන්නෙ බොරු.. මම නම වෙනස් කළේ නෑ…!” – අර්ජුන මහේන්ද්‍රන් කියයි
1 min read
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තම නම වෙනස් කර ඇති බවට රජය එල්ල කරන චෝදනා ඔහු විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මෙරට බලධාරීන්ට අවශ්‍යව සිටින ඔහු, තමන් “හර්ජන් ඇලෙක්සැන්ඩර්” ලෙස නම වෙනස් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ලිපියක් මගින් දන්වා ඇත.
කෙසේ වෙතත්, මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ඔහු නම වෙනස් කර ඇති බවට රහස් පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි.
- ජයන්ත මුදලිගේ
